ජීව උණ්ඩ පෙන්නලා බය කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි අපි, වීරසේකරගේ ප්‍රකාශය පුස්වෙඩිල්ලක්- අනුර

මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පෙරේදා දිනයේදී සිදුකළ ප්‍රකාශයකට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පිළිතුරු ලබා දුන්නේය.

“සරත් වීරසේකර හෝ ආණ්ඩුවේ කිසිවෙක් කොමිෂන් සභාව හමුවට ගිහිල්ලා, මෙවැනි සබඳතාවයක් තිබෙනවා ඒ නිසා මාව කොමිසම හමුවට කැඳවිය යුතුයි කියලාවත් ප්‍රකාශයක් කර නැතුව තිබියදී හදිසියේ සරත් වීරසේකරට මාව මතක් වෙන්නෙ ඇයි ? රටේ කුමක් හෝ ප්‍රශ්නයක් ආවාම ඒ ප්‍රශ්නය යටගැහීම සඳහා ඔහු සැලසුම් සහගතව මේ ප්‍රවෘත්ති නිර්මාණය කරනවා.

ඔහු ප්‍රකාශයක් කළා පළාත් සභා අහෝසි කරනවා කියලා. හැබැයි දැන් ආණ්ඩුව පළාත් සභා ඡන්දය තියන්න තීන්දු කරනවා. එතකොට සරත් වීරසේකරගේ ප්‍රකාශය පුස්වෙඩිල්ලක්. පාතාලයේ සියලු නායකයින්ට ඔහු අණ කරා සියලු අවි ආයුධ ගෙනල්ලා බාරදෙන්න කියලා. හැබැයි කවුරුත් බාරදුන්නෙ නෑ. ඔහු කිව්වා අපේ රටේ තරුණයින්ට අනිවාර්යයෙන් හමුදා පුහුණුවක් දෙනවා කියලා අවුරුදු දෙකක. ආණ්ඩුව කියනවා එහෙම තීන්දුවක් අරගෙන නෑ කියලා. ඔහු කිව්වා බුර්කාව තහනම් කරන්න කැබිනට් පත්‍රිකාවක් අත්සන් කළා කියලා. මේ බොළඳ අපරිණත ප්‍රකාශ ඔහු කරමින් ඉන්නවා. හැබැයි ඒවා බරපතළයි.

ඔහු මට තර්ජනය කරනවා පුස්වෙඩිලිද ජීව උණ්ඩද කියලා පෙන්නන්නම් කියලා. මම ඔහුට කියන්නෙ ඔය ජීව උණ්ඩ ගොඩක් අපෙ කන් ගාවින් වුණත් ගිහින් තියෙනවා. ඒනිසා ජීව උණ්ඩ පෙන්නලා බය කරන්න පුළුවන් මිනිස්සු නෙවෙයි අපි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ (19) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *