රන්ජන්ගේ සෙල්ෆියකට දඬුවමක්, සති 2ක් අමුත්තන් බලන්න තහනම්!

රන්ජන්ගේ සෙල්ෆියකට දඬුවමක්, සති 2ක් අමුත්තන් බලන්න තහනම්!

රන්ජන්ගේ සෙල්ෆියකට දඬුවමක්, සති 2ක් අමුත්තන් බලන්න තහනම්!

අගුණකොලපැලැස්ස බන්ධානාගාරයේ දී සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටීම සිද්ධිය සම්බන්ධයෙන් වරද බාර ගත් හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර රංජන් රාමනායක මහතාට (11) සිට සති දෙකක කාලයක් අමුත්තන් බැලීම තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක සහ පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා කීය.

රංජන් රාමනායක මහතා එකී වරද සම්බන්ධයෙන් චෝදනා ප‍්‍රත‍්‍රයක් සම්බන්ධයෙන් බන්ධනාගාර විනය ශාලාවට ඉදිරිපත් කර ඇති අතර එහිදී රාමනායක මහතා එකී වරද බාරගත් බව චන්දන ඒකනායක මහතා කියා සිටියේය.
එකී වරද බාර ගැනීම නිසා බන්ධනාගාර ආඥාපනයේ 70 වගන්තිය අනුව බන්ධනාගාර අධිකාරිවරයා ඔහුට අමුත්තන් බැලීම සති දෙකකට කාලයකට තහනම් කර ඇති බවද චන්දන ඒකනායක මහතා කීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *