”ජනතාව දැන් රජය පිළිකුල් කරනවා”: පොහොට්ටුවේම මන්ත්‍රීවරයෙක් කියයි
ස්වභාෂා ප්‍රතිපත්තිය නිසා අපි මොට්ටයන් වුණා; බල කරලා හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබලා දෙන්න
මේ වන විට රජය ජනතාව පිළිකුල් කරන තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.
ඔහු මේ අදහස් පළ කළේ, මාධ්‍යවේදීන් පිරිසක් හමුවේය.
එහිදී ඔහු පැවසුවේ, ආණ්ඩුව මේ මොහොතේ ජනප්‍රිය ආණ්ඩුවක් නොවන බවය.
“පොහොට්ටුව කියන්නේ බොහෝ ම පටු විදියට හිතන දේශපාලන පක්ෂයක් වුණෝතින් ඒකෙන් ජනතාව ඈත්වේවි. අවුරුදු 5කට බලය දුන්නැයි කියලා ජනතාවගේ සිතුම් පැතුම්වලට එරෙහිව අපි කටයුතු කළ යුතු ද යන ප්රශ්නය අහන්න මම කැමතියි. මේ මොහොතේ ආණ්ඩුව ජනප්‍රිය ආණ්ඩුවක් නෙමෙයි කියන එක අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ රජය හැටියට අද ජනතාව රජය සහ පොහොට්ටුව වැළඳගෙන නෙමෙයි ඉන්නේ කියලා. ජනතාව බිම් මට්ටමෙන් අපිව පිළිකුල් කරන මට්ටමට ඇවිල්ලා තියෙන්නේ.”





