“ආසාදිතයින් අඩුවෙන්නේ PCR අඩු නිසයි” – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ

පසුගිය දිනවල මෙරටින් දෛනිකව වාර්තා වූ දහසකට ආසන්නයට කොවිඩ් – 19 ආසාදිතයන්ගේ ප්‍රමාණය මේ වනවිට පහළ ගොස් ඇත්තේ දිනකට සිදු කරනු ලබන PCR පරීක්ෂණ අඩුවීම නිසා යැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත්කරණ වැඩසටහනට සහභාගීවීම නිසා PCR පරීක්ෂණ සිදුකිරීම තාවකාලිකව නැවතී ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

“අපි දැක්කා පසුගිය සතියේ විතර රෝගීන් සංඛ්‍යාව 1000 ආසන්නයට ආවා. ආසන්නතම දින ටිකේ 500 ආසන්නයේ අතර තමයි ආසාදිතයින් හිටියේ. ප්‍රධාන කාරණා දෙකක් මත මේ ආසාදිතයින් සංඛ්‍යාව තීරණය වෙනවා. එකක් PCR සංඛ්‍යාව මත. පසුගිය ආසන්නම දින තුනේ ගම්පහ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල PCR පරීක්ෂණ තාවකාලිකව නැවතිලා තිබුණේ. හේතුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු එන්නත්කරණ වැඩසටහනේ හිටිය නිසා.” යැයි ඔහු ඒ සම්බන්ධයේන සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *