විදුලි ජනනයට ණයට තෙල් ගත්තු අය කෝටි අට දහසකට වඩා තෙල් සංස්ථාවට පොල්ල තියලා

විදුලි ජනනයට ණයට තෙල් ගත්තු අය කෝටි අට දහසකට වඩා තෙල් සංස්ථාවට පොල්ල තියලා
විදුලි ජනනයට ණය පදනම මත ඉන්ධන සැපයීමෙන් ලංකා විදුලි බල මණ්ඩලයෙන් සහ ස්වාධීන විදුලි නිෂ්පාදකයන්ගෙන් රුපියල් කෝටි 8,608ක මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අය විය යුතුව තිබේ. විදුලි බල මණ්ඩලයෙන් රුපියල් කෝටි 7,375ක් සහ ස්වාධීන විදුලි නිෂ්පාදකයන්ගෙන් රුපියල් කෝටි 1,233ක් සංස්ථාවට මෙසේ අය විය යුතුව තිබෙන බව රජයේ ප්‍රකාශකයකු පැවසීය.
විදුලි බල මණ්ඩලයේ සහ ස්වාධීන විදුලි නිෂ්පාදකයන්ගේ අයහපත් පියවීම් හේතුවෙන් මෙසේ ණය අයවිය යුතුව තිබෙන බවත් පැවසේ.
ජාතික අවශ්‍යතාව සලකා බලා ණය පදනම මත ඉන්ධන සැපයීමට තෙල් සංස්ථාව කටයුතු කරන අතර විදුලි ජනනය සඳහා ඝන ඛනිජ තෙල් ලීටරයක් සපයනු ලබන්නේ රුපියල් 70ක මිලකටය.
ඒ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීම සහ තවත් කරුණු කිහිපයක් මුල්කරගෙන විදුලි ජනනයට රුපියල් 70 මිලකට ඝන ඛනිජ තෙල් ලීටරයක් ලබාදීමට රජය ගත් තීන්දුවක් අනුවය.
ඒ අනුව එතෙක් රුපියල් 96ක මුදලකට සපයන ලද ඝන ඛනිජ තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා රුපියල් 26කින් පහත හෙළන ලදී.
-DM