විදුලි ජන­න­යට ණයට තෙල් ගත්තු අය කෝටි අට දහසකට වඩා තෙල් සංස්ථා­වට පොල්ල තියලා

විදුලි ජන­න­යට ණයට තෙල් ගත්තු අය කෝටි අට දහසකට වඩා තෙල් සංස්ථා­වට පොල්ල තියලා

විදුලි ජන­න­යට ණයට තෙල් ගත්තු අය කෝටි අට දහසකට වඩා තෙල් සංස්ථා­වට පොල්ල තියලා

විදුලි ජන­න­යට ණය පද­නම මත ඉන්ධන සැප­යී­මෙන් ලංකා විදුලි බල මණ්ඩ­ල­යෙන් සහ ස්වාධීන විදුලි නිෂ්පා­ද­ක­ය­න්ගෙන් රුපි­යල් කෝටි 8,608ක මුද­ලක් ලංකා ඛනිජ තෙල් නීති­ගත සංස්ථා­වට අය ­විය යුතුව තිබේ. විදුලි බල මණ්ඩ­ල­යෙන් රුපි­යල් කෝටි 7,375ක් සහ ස්වාධීන විදුලි නිෂ්පා­ද­ක­ය­න්ගෙන් රුපි­යල් කෝටි 1,233ක් සංස්ථා­වට මෙසේ අය ­විය යුතුව තිබෙන බව රජයේ ප්‍රකා­ශ­ක­යකු පැව­සීය.

විදුලි බල මණ්ඩ­ලයේ සහ ස්වාධීන විදුලි නිෂ්පා­ද­ක­යන්ගේ අය­හ­පත් පිය­වීම් හේතු­වෙන් මෙසේ ණය අය­විය යුතුව තිබෙන බවත් පැවසේ.

ජාතික අව­ශ්‍ය­තාව සලකා බලා ණය පද­නම මත ඉන්ධන සැප­යී­මට තෙල් සංස්ථාව කට­යුතු කරන අතර විදුලි ජන­නය සඳහා ඝන ඛනිජ තෙල් ලීට­ර­යක් සප­යනු ලබන්නේ රුපි­යල් 70ක මිල­ක­ටය.

ඒ ජාත්‍ය­න්තර වෙළෙ­ඳ­පොළේ ඉන්ධන මිල අඩු­වීම සහ තවත් කරුණු කිහි­ප­යක් මුල්ක­ර­ගෙන විදුලි ජන­න­යට රුපි­යල් 70 මිල­කට ඝන ඛනිජ තෙල් ලීට­ර­යක් ලබා­දී­මට රජය ගත් තීන්දු­වක් අනු­වය.

ඒ අනුව එතෙක් රුපි­යල් 96ක මුද­ල­කට සප­යන ලද ඝන ඛනිජ තෙල් ලීට­ර­යක මිල රුපි­යල් 70 දක්වා රුපි­යල් 26කින් පහත හෙළන ලදී.
-DM

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *