‘මාස 3කට කලින් කොරෝනා එන්නතක් ශ්‍රී ලංකාවට ගෙනත් තිබෙනවා’ – හෙක්ටර් අප්පුහාමි චෝදනා කරයි

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා

පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා

කොරෝනාවෛරසයට එරෙහි එන්නතක් මීට මාස තුනකට පමණ පෙර ශ්‍රී ලංකාවට ගෙනැවිත් ඇති බවට කරුණු අනාවරණය වෙමින් පවතින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, අදාළ එන්නත කවුරුන් විසින් කුමන රටකින් රැගෙන එන ලද්දේ ද? යන්න පිළිබඳව ඔවුන් තොරතුරු එක්රැස් කරමින් සිටින බවය.

එලෙස ගෙන්වාගෙන ඇති බව කියන එන්නත් ඉහළ පෙළේ පුද්ගලයින් කිහිප දෙනෙකුට ලබා දී ඇතැයි වාර්තා වී ඇති බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා සඳහන් කළේය.

ඉදිරියේදී මේ සම්බන්ධයෙන් හෙළිදරව්වක් කිරීමට පියවර ගන්නා බව ද ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැන ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් කිහිප දෙනෙකු ම සම්බන්ධ කර ගැනීමට උත්සහ කළ ද එය ව්‍යර්ථ විය.

මේ අතර, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දුගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ, මේ සම්බන්ධයෙන් කිසිවක් වාර්තා වී නොමැති බවය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *