කිසිම රාජපක්‍ෂවරයෙකුට ගහන්න ඉඩ දෙන්නේ නෑ; රාජපක්‍ෂ විරොධීන්ට විවෘත තර්ජනයක්

කිසිම රාජපක්‍ෂවරයෙකුට ගහන්න ඉඩ දෙන්නේ නෑ; ආණ්ඩු පක්‍ෂ සංවිධායකගෙන් රාජපක්‍ෂ විරොධීන්ට විවෘත තර්ජනයක්

කිසිම රාජපක්‍ෂවරයෙකුට ගහන්න ඉඩ දෙන්නේ නෑ; ආණ්ඩු පක්‍ෂ සංවිධායකගෙන් රාජපක්‍ෂ විරොධීන්ට විවෘත තර්ජනයක්

කිසිම රාජපක්ෂ වරයෙකුට ගන්න ඉඩදෙන්නේ නැතැයි සියලු දෙනා මතක තබාගත යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති උත්සවයකදී අදහස් පළ කරමිනි.

ඔහු එහිදී මෙසේද පැවසීය.

අර වොයිස් කට් එක තියෙන්නෙ. DIG වෛද්‍යලංකාර ට කියනවා අද ජොනියව දානවා නේද. දාන්න ඕකගේ කට වැඩියි. කට වැඩි හින්දත් දාපු කාලයක් තිබුනා. දැන් මේ කතා කරනවා මිනිස් අයිතිවාසිකම් ගැන. මරු බඩු ටික.

බැසිල් ඇමතිතුමාව දැම්මේ මොනවාටද. බට බෙදුවා කියලා. ඒ බට වලින් තමයි අද නායක ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් උනාම ආදාහන උත්සවයකට කොඩි දාන්න හරි තියෙන්නෙ. බටයක් තිබුනේ නැහැ ලංකාවේ ප්‍රාදේශීය සභා වලට. කුදලගෙන ගෙනිච්චේ බැසිල් රාජපක්ෂ මහත්තයාව.

යෝෂිත රාජපක්ෂව සෙනසුරාදා උසාවි ඇරලා තමයි හිරේ දැම්මේ. රෑ දහයයි එකොලහයි මම යද්දි උසාවියට. ඒ යුගයේ නාමල් නාමල් රාජපක්ෂ මහත්තයාව හිරේ දැම්මා. රගර් ක්‍රීඩාවට අනුග්‍රහයකයෙක් ගෙන් මුදල් ලබාගන්න කියලා.

ඊළඟට හිරේ දැම්මා හම්බන්තොට වරාය විකුනනවා කියලා උද්ඝෝෂණය කලා කියලා චානකවයි නාමල්වයි කැලණියේ අපේ ප්‍රසන්න රණවීර රාජ්‍ය අමාත්‍යතුමායි. කොයි තරම් වද දුන්නද. කී දෙනෙක් හිරේ දැම්මා ද.

විමල් වීරවංශව හිරේ දැම්මා. උදේ ගම්මන්පිලව හිරේ දැම්මා. ඒවා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ. ඒ අයටත් මම කියනවා මේවා කවදාවත් වත් අමතක කරන්න එපා කියලා. පරිස්සමින් අපි මේ ආණ්ඩුව කරගෙන යමු. ඕනාවට වැඩියෙන් දුවන්න ගිහිල්ලා විනාශ කර ගන්නේ නැතුව මේ ආණ්ඩුව.

මතක තියාගන්න හතුර හතුරාමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඒවා අපි කවුරු කවුරුත් මතක තියා ගන්න ඕනා. හැමදේම මාධ්‍ය ඉදිරියේ කයිය ගහලා කිසිම කෙනෙක් අනාගතය විනාශ කර ගන්න හොඳ නැහැ. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒක මේ හැම කෙනෙක්ම මතකේ තියාගන්න ඕනා.

කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහන්ඩ අපේ පක්ෂ ඉඩ නෑ කියන එක මතක තියාගන්න ඕනා. අයියට පංගුවක් කැමතියි. මල්ලිට අකමැතියි.මල්ලිට කැමති අය අයියට අකමැති. මේ පවුලක් කඩන්න හදන්නේ. මේක මොන විහිලුවක් ද.

ජාත්‍යන්තරයටත් ඕනෙත් ඒක. ප්‍රේමදාසට ඕනෙත් ඒක. දිසානායකට ඕනෙත් ඒක. සුමන්දිරන්ලටත් ඕනේ ඒක. කොටියට ඕනෙත් ඒක. මේක කරන්න ඉඩ දෙන්න බැහැ. ඒව නොදැන් දේශපාලනය කරන්නත් අපි හොද නැහැ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *