ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට දස්කම්

ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට දස්කම්

ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවෙන් විශිෂ්ට දස්කම්

ඩුබායිහිදී (14දා) අවසන් වූ ලෝක පැරා මලල ක්‍රීඩා තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් රිදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කම් තුනක් දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වීම කැපී පෙනුණි.

ඒ අනුව, මෙම තරගාවලියේ T01/F46 හෙල්ල විසි කිරීම පිරිමි අවසන් මහා තරගය සඳහා සහභාගි වූ ගාමිණී ඒකනායක එහිදී මීටර් 58.55ක දුරක් සටහන් කරමින් ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රිදී පදක්කම දිනා ගත්තේ ය. ඉන් අනතුරුව T47/F47 මීටර් 400 කාන්තා අවසන් තරගය නියෝජනය කළ අමරා ඉන්දුමතී එම තරගය විනාඩි 1:05.63කින් නිම කරමින් රිදී පදක්කමත්, මධුරංග සුභසිංහ T47/F47 මීටර් 400 පිරිමි අවසන් තරගය තත්පර 50.54ක කාලයක් වාර්තා කරමින් එම ඉසව්වේ රිදී පදක්කමත් දිනාගැනීම විශේෂත්වයකි.

එමෙන් ම, T01/F42 යගුළිය පිරිමි අවසන් තරගය නියෝජනය කළ පාලිත බණ්ඩාර මීටර් 13.42ක දක්ෂතාවක් දක්වමින් එහි ලෝකඩ පදක්කම දිනා ගනිද්දී සම්පත් හෙට්ටිආරච්චි T01/F64 හෙල්ල විසිකිරීම පිරිමි අවසන් මහා තරගයේදී මීටර් 56.34ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමට හිමිකම් කීවේය.

මේ අතර මෙම තරගාවලියේ පළමු දිනයේදී ම T46/47 කාන්තා දුර පැනීමේ ඉසව්ව නියෝජනය කළ කුමුදු ප්‍රියංකා ලෝකඩ පදක්කමක් හිමිකර ගැනීමට සමත් වූ අතර, අමරා ඉන්දුමතී එහි සිවු වැනි ස්ථානයට හිමිකම් කීවාය. එහිදී කුමුදු මීටර් 4.89ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගනිද්දී සිවු වන ස්ථානයට පත්වූ අමරා ඉන්දුමතී මීටර් 4.76ක දක්ෂතාවක් දැක්වීමට සමත් වී තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *