පාසල් තුළ දේශපාලනය එපා – රාධා ක්‍රිෂ්ණන් ඉල්ලා සිටී

පාසල් තුළ දේශපාලනය එපා - රාධා ක්‍රිෂ්ණන් ඉල්ලා සිටී

පාසල් තුළ දේශපාලනය එපා - රාධා ක්‍රිෂ්ණන් ඉල්ලා සිටී

යහපාලන රජය විසින් ආරම්භ කරන ලද පාසල් සංවර්ධනයන් සියල්ල අතහැර දමා ඇත. වහාම එම සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට රජය පියවර ගත යුතු බව වතුකර ජනතා පෙරමුණේ නායක, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුච්චාමි රාධාක්‍රිෂ්ණන් පවසා සිටියේය.

ඔහු තවදුරටත් අදහස් දක්වමින්,
යහපාලන රජය විසින් පාසල් ළමුන්ගේ ප්‍රයෝජනය සඳහා ‘ළඟම පාසල හොඳම පාසල’ වැඩසටහන යටතේ පාසල් ගණනාවක් සංවර්ධනය කර ඇත. එලෙස සම්පුර්ණ කරන ලද පාසල් විවෘත කර සිසුන්ට භාර දී එයින් පාසල් ළමුන් අධ්‍යාපනය ලබමින් සිටිති. මෙම රජය බලයට පත්වූ පසු වැඩ සම්පූර්ණ කළ බෝහෝ පාසල්වල ගොඩනැගිලි පාසල් පරිපාලපයට භාර නොදී වල් වැදීමට අතහැර දමා ඇත. ඇතැම් පාසල්වල වැඩ අතරමග නවතා දමා ඇත.

මෙය රජය විසින් වැය කරන ලද රුපියල් කෝටි ගණනක නාස්තියකි. එබැවින් රජය වහාම මේ පිළිබඳව අවධානය යොමු කර අවශ්‍ය පියවර ගත යුතුය.

පසුගිය රජය විසින් ආරම්භ කරන ලද කාර්යයන් අපට ඉටු කළ නොහැකි ය, යන ස්ථාවරය නොමැතිව කවුරුන් හෝ සංවර්ධනය කර අපගේ සිසුන් වෙත ළඟා වීමේ අරමුණින් ක්‍රියා කිරීමට ඉදිරිපත් විය යුතුය.

එපමණක් නොව, පාසල් 9 ක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු රජය රුපියල් මිලියන 300 ක් ලබා දුන්නේය. ඒ සඳහා පාසල් තෝරාගෙන ඇති අතර අවබෝධතා ගිවිසුමක් ද අත්සන් කර ඇත.

නමුත් ව්‍යාපෘතිය තවම දියත් කර නැත. එය සම්පූර්ණ කළ හොත්, තවත් පාසල් කිහිපයක් සංවර්ධනය කිරීම සඳහා ඉන්දීය රජයෙන් අරමුදල් ලබා ගත හැකිය.

එබැවින් පාසල් සංවර්ධනය සඳහා දේශපාලනය යොදා නොගත යුතු අතර එය සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බව ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *