කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධ ගැසට් නිකුත් කිරීම ගැන ආණ්ඩු පක්ෂය තුළ මතභේද

කොවිඩ් දේහ ආදාහනය ද? නැතහොත් භුමදානය ද? පිළිබඳ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් බවට පත් කර අවුල් කළේ රජය – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

කොවිඩ් දේහ ආදාහනය ද? නැතහොත් භුමදානය ද? පිළිබඳ ප්‍රශ්නය සමාජ ප්‍රශ්නයක් බවට පත් කර අවුල් කළේ රජය – මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි

කොවිඩ් ආසාදනය වී මිය යන අයගේ මළ සිරුරු භූමදානය කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කිරීම ගැන ආණ්ඩු පක්ෂය තුළ මතභේද හට ගෙන ඇත. වෛරස් ආසාදනයෙන් මියයන අයගේ මළ සිරුරු භූමදානයට අනුමැතිය දෙන බව පසුගිය බදාදා අගමැති මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී පවසා සිටියේය.

නමුත් ඊට පසුදින පැවති පාර්ලිමේන්තු සැසියේදී කොවිඩ් ආසාදනය මගින් මියයන මුස්ලිම් මෘත දේහ භූමදානය කිරීම, තාක්ෂණික කමිටුවේ තීරණය අවසන් තීරණය බව මූලික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් වැළැක්වීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, අගමැතිතුමාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කොට වෙනස් ප්‍රකාශයක් කළාය.

තවද ආණ්ඩුපක්ෂ පසුපෙළ මන්ත්‍රීන් ඇතුළු පොදුජන පෙරමුණේ බොහෝ දෙනෙක්ද අගමැතිතුමාගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් වෙනස් මත ඉදිරිපත් කරමින් සිටිති.

මෙම තත්වය මත ලබන සතියේ ආරම්භවීමට නියමිත ජිනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීම සහ පාකිස්ථානු අගමැති ඉම්රාන්ඛාන් ගේ ශ්‍රී ලංකා සංචාරය යනාදිය හේතුකොටගෙන කොරෝනා මරණ පිළිබඳ මෙම ප්‍රශ්නයට සුදුසු තීරණයක් ලබා දෙනු ඇති බව බලාපොරොත්තු වේ.

ලබන 22 දින පාකිස්ථානු අගමැති ඉම්රාන්ඛාන් පැමිණීමට නියමිතව ඇති අතර ජිනීවාහි මුස්ලිම් රටවල සහයෝගය ලංකාවට ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා සිදුවීමට නියමිත බව පැවසේ. මෙය අරමුණු කරගෙන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය සිදුවූ බව කියවේ. නමුත් දැන් මෙම ප්‍රකාශය මත ආණ්ඩු පක්ෂය තුළම ස්ථාවරයන් දෙකක් හටගෙන ඇත.

කෙසේ නමුත් පාකිස්ථානු අගමැතිතුමාගේ පැමිණීම සිදුවීමට පෙරම කොවිඩ් මරණ භූමදානය සඳහා අනුමැතිය ලබා දීමට අවශ්‍ය ගැසට් ප්‍රකාශය නිකුත් කිරීමට දැඩි උත්සාහයක ආණ්ඩුව නිරතවෙයි.
-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *