රෝහල් මෝචරිවල සිරුරු ගොඩගැසේ, PCR පරීක්ෂණ ප්‍රමදය නිසා ඥාතීන් අතර මග

රෝහල්වල සිරුරු හිරවේ, PCR පරීක්ෂණ ප්‍රමදය නිසා ඥාතීන් අතර මග

රෝහල්වල සිරුරු හිරවේ, PCR පරීක්ෂණ ප්‍රමදය නිසා ඥාතීන් අතර මග

විවිධ රෝගාබාධයන් හේතුවෙන් රෝහල් තුළ මිය යන පුද්ගලයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ කඩිනම් කිරීමට නව ක්‍රියාදාමයක් වහා සකසන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් 19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මව්රටට පැවසුවාය.

ඒ සම්බන්ධයෙන් කළ විමසීකට පිළිතුරු දුන් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පැවසුවේ රෝහල්ගතව සිට මිය යන පුද්ගලයන්ගේ පී. සී. ආර්. පරීක්ෂණවලට ප්‍රමුඛත්වයක් ලබා දෙන ලෙස සෑම රෝහලකටම විශේෂ චක්‍රලේඛයක් මේ සතියේදී නිකුත් කරන බවය.

විවිධ රෝගී තත්ත්වයන් මත රෝහල් ගතව සිටියදී මිය යන පුද්ගලයන්ගේ මළ සිරුරු පී. සී.ආර් පරීක්ෂණ සිදු කෙරෙන තෙක් මුදා නොහැරීම නිසා අදාළ මළ සිරුරු දින කිහිපයක් මෘත ශරීරාගාරවල රඳවා තැබීමට සිදු වී ඇත.

එම තත්ත්වය නිසා මළ සිරුර ලබා ගැනීමට පැමිණෙන ඥාතීන්ටද දින ගණනක් රෝහල් මෘත ශරීරාගාර අසළ රස්තියාදු වීමට සිදුව තිබේ.

එවැනි ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගෙන ඉහත තීරණයට එළැඹ ඇති බවද දැන ගන්නට ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *