‘කෲඩියා සිලනිකා’ දරට පමණක් ගන්නා බව දෙපාර්තමේන්තුව කියයි, ඉරණම කැබිනටුව අතේ!

දරට පමණක් ගන්නා බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව කියන 'කෲඩියා සිලනිකා' ශාඛයේ ඉරණම කැබිනටුව අතේ!

දරට පමණක් ගන්නා බව ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව කියන 'කෲඩියා සිලනිකා' ශාඛයේ ඉරණම කැබිනටුව අතේ!

කෘඩියා සෙලනිකා ශාඛයේ ඉරණම කැබිනට් මණ්ඩලය අතේ

මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකෙරෙන පෙදෙසේ ගම්පහ දාරළුව ආසන්න පෙදෙසක දී හමුවූ කෲඩියා සිලනිකා (පඬු කරඳ) ශාඛය පිළිබඳව කල්තියා අනාවරණය වී තිබුණත් අධිවේගි මාර්ගය ඉදිකිරීමේ දී කළ පරිසර අධ්‍යයනයේ දී මෙම ශාඛය පිළිබඳව අවධානයක් යොමු නොකිරීමෙන් පෙනී යන්නේ එම වාර්තාව නිසිලෙස සිදුකර නොමැතිවීම යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කෲඩියා සිලනිකා ශාඛය පිළිබඳව පරිසරවේදීන් පරිසර විද්‍යාඥයන් හා උද්භිද විද්‍යාඥයන් පිරිසක් සමග පරිසර අමාත්‍යංශයේ (11) පැවති හමුවක දීය.

මේ ශාඛය සම්බන්ධව ලබන සඳුදා පැවැත්වෙන කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කිරීම සඳහා එම පිරිසගේ අදහස් විමසීම සඳහා මෙම හමුව පැවැත්විණි. පැමිණ සිටි සියලු දෙනාගේ අදහස් සැළකිල්ලට ගෙන වාර්තාවක් සකසා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් අනතුරුව කැබිනට් මණ්ඩලයේ තිරණය අනුව ක්‍රියා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එබැවින් ඒ සම්බන්ධව විමර්ශනයක් සිදුකරන ලෙස අදාල අංශ වෙත උපදෙස් දෙන බව කී අමාත්‍යවරයා ඊට වගකිව යුත්තන්ට එරෙහිව විනයානුකූලව පියවර ගන්නා බව ද පැවැසීය.

කෙසේ වෙතත් දාරළුවේ පිහිටි ශාඛය පිළිබඳ අවසන් තීරණය කැබිනට් මණ්ඩලය විසින් ගන්නා තුරු ඒ සම්බන්ධව කිසිවක් සිදු නොකරන ලෙස ද අමාත්‍යවරයා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත උපදෙස් දුන් බව ද හෙතෙම සඳහන් කළේය.

දැනට නවීන තාක්ෂණය යොදවා මෙම ශාඛ්‍ය ආරක්ෂිතව ගලවා ඊට උචිත පරිසර පද්ධතියක් තුළ රෝපණය කිරීමට හැකියා ඇතත් එම කටයුත්ත සිදුකළ යුත්තේ විශේෂඥ අදහස විමසීමෙන් පසුව බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ අදහස

ගම්පහ හෙනරත්ගොඩ ඇතුළු දිවයිනේ ස්ථාන කිහිපයකම කෲඩියා සිලනිකා ශාඛය සංරක්ෂණය කර ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි. එම ශාඛය රනිල කුලයේ ශාඛයක් වන අතර නයිට්‍රජන් එකතු කිරීමේ ඇති හැකියාව හැරුණු විට විශේෂත්වයක් නැතැයි ද ගම්වල එය භාවිතා කර ඇත්තේ දරට පමණක් යැයි ද එහි අධ්‍යක්ෂ ජනරාල් එස් ඩී ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවැසුවාය.

සාමාන්‍යයෙන් මෙම ශාඛය ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් ස්ථාන රාශියකින්ම සොයාගෙන ඇති බවත් පහත්බිම්වල එය වැවෙන බවත් කී ඇය ගම්පහ උද්භිද උද්‍යානයේ වැඩුණු ගස් තුනක් ඇතැයි ද කීවාය. එහි ඇට එකතුකර ඇට පැළ කර ඇතැයි ද පේරාදෙණිය හා ගම්පහ උද්භිද උද්‍යානවල එම පැළ රාශියක් ඇතැයි ද ඇය කීවාය.

මෙය ඒකදේශිය ශාඛයක් බව සැබෑ නමුත් එය වඳවීමේ තර්ජනයක් දැන් නැතැයි ද ක්‍රිෂ්ණරාජා මහත්මිය පැවැසුවාය.

මෙම ශාඛය ගලවා ගුවනින් ගෙන ගොස් මුතුරාජවෙල සිටුවීමට වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා සිටි මැල්වත්ත සහ සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතා ගෙන් ඒ පිළිබඳව විමසූ අවස්ථාවේ ඔහු කියා සිටියේ දැන් එය සඟසතු කර ඇති බැවින් එම අදහස අත්හළ බවය. කිසිසේත්ම එය සංරක්ෂණය කිරීමට තම සමාගම දැන් ඉදිරිපත් නොවන බව ද හෙතෙම කියා සිටියේය.

පරිසර යුක්ති කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා කියා සිටියේ එම ගස පෞද්ගලික සමාගමකට රෝපණය සඳහා රජය අවසර දුනහොත් තමන් නඩු මගට බසින්නට සූදානම් බවය. වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂඛ ආඥාපනත අනුව කිසිදු තැනැත්තෙකුට ආරක්ෂිත පැලෑටියක් ඉවත් කිරීම, ඉදිරීම, හෝ විනාශ කිරීමට අවසර නැති බවත් එය දඬුවම් ලැබිය හැකි වරදක් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

කෘඩියා සෙලනිකා ශාක සෙවීමට ජනතා සහය පතයි

කෙසේවෙතත් ඔබ සිටින ප්‍රදේශයේ මෙම ශාකය පවතී නම් ඒ පිළිබඳ දන්වන ලෙස වන ජීවි හා වන රක්ෂණ අමාත්‍යාංශය නිවේදනය කරයි

ඒ අනුව පහත සඳහන් දුරකථන අංක ,ෆැක්ස් අංක හෝ ඊමේල් මඟින් මහජනතාවට තොරතුරු ලබා දිය හැකිය

දුරකථන අංකය – 0113671490
ෆැක්ස් – 0112879051
ඊ. මේල් – [email protected]

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *