ඇකිරියට 5වැනි වරටත් භූ කම්පනයක්

ඇකිරියට 5වැනි වරටත් භූ කම්පනයක්

ඇකිරියට යලිත් භූකම්පනයක්

බදුල්ල දිස්ත්‍රික්කයේ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් මඩොල්සිම ඇකිරිය ග්‍රාම නිළධාරි වසමේ එගොඩ ගම, අළුත්වත්ත, පල්ලේවෙල යන ගම්මානවලට (12) අලුයම 4.53ට පමණ භූකම්පන තත්වයක් ඇතිවු බව ‍ප්‍රදේශවාසීහු පවසති.

මීට පෙර ඇකිරියට ඉකුත් 22වන දින අලුයම 3.30ට, එදිනම රාත්‍රි 9.55ට, 23 වන දින උදෑසන 10ට පමණ, 31 වන දින අලුයම 2.59ට පමණ මෙසේ භූ කම්පන ඇති වී තිබිණි.

ඉකුත් 31 වන දින භූ විද්‍යා සාමීක්ෂණ හා පතල් කාර්‍යංශයේ භූ භෞතික විද්‍යාඥ මහින්ද සෙනවිරත්න මහතා ඇතුළු පිරිසක් ඇකිරිය ගම්මානයට පැමිණ පරීක්ෂාකර ගම්මානයේ නිවසක් තුල භූ කම්පන මාපකයක් සවිකළ අතර එය නැවත අධ්‍ය්‍යනය කිරීමට නියමිතව තිබිණ.

ඇකිරිය ගම්මානයේ පවුල් 325ක 1200ක පමණ ජනග්‍රහණයක් ජීවත් වෙති.

මේ සම්බන්ධයෙන් තමන්ට පැහැදිලි අවබෝධයක් නොමැති හෙයින් මේ සම්බන්ධයෙන් නිසි පර්ක්ෂණයක් සිදුකරන්නැයි ගම්වාසීහු අදාල බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *