Type to search

වොයිස් කට් දිදී ජාතීන් අතර ප්‍රශ්න ඇති කරන්න එපා – රතන හිමිට අලි සබ්‍රිගෙන් පිළිතුරු

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

රටටම එක නීතියක් තිබියදී යම් විශේෂිත කණ්ඩායම් සඳහා වෙන වෙනම නීති සම්පාදනය කර තිබෙන්නේ මුස්ලිම් ජනතාවට පමණක් නොවන බව අධිකරණ අමාත්‍ය ‍අලි සබ්‍රි මහතා පවසනවා. උඩරට විවාහ හා දික්කසාද නීතිය, උඩරට අනුප්‍රාප්ත නීතිය, ‍තේසවලා‍මේ නීතිය වැනි නීති පද්ධති රැසක් ඒ ඒ ජාතීන්, සමාජ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් සම්මත කරගෙන තිබියදී මුස්ලිම් ජනතාවට පමණක් අනන්‍ය වූ නීති වෙනස් කිරීමට යෝජනා කිරීම ගැටලුවක් බවද ඔහු පවසනවා.

සිංගප්පූරුව, ඊශ්‍රායලය, ඉන්දියාව, පිලිපීනය වැනි රටවල පවා මුස්ලිම් නීතිය වෙනම ක්‍රියාත්මක වන බවයි අලි සබ්‍රි මහතා පවසන්නේ.

එසේ තිබියදී මුස්ලිම් නීතිය පමණක් ඈඳා ගනිමින් මාධ්‍යවලට වොයිස් කට් දෙමින් ජාතීන් අතර විරසකත්වය ඇති කිරීම, නැති ප්‍රශ්න ඇති කිරීම සුදුසු නොවන බවද ඇමතිවරයා පවසනවා.

ඔහු මෙම අදහස් පළකළේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මුස්ලිම් විවාහ නීති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *