මානව හිමිකම් සැසියේදී ලංකාවේ සහායට පාකිස්තානය එයි
 
                මානව හිමිකම් සැසියේදී ලංකාවේ සහායට පාකිස්තානය එයි
එළඹෙන ජගත් මානව හිමිකම් කවුන්සල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට විරුද්ධව මානව හිමිකම් කවුන්සලය නියෝජනය කරන මුස්ලිම් රටවල සහාය ලබාදීමට පාකිස්තානය ඉදිරිපත් වේ.
ඒ අනුව එළඹෙන 23 දා ස්විට්සර්ලන්තයේ ජිනීවා හි එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමේ දී සාකච්ඡාවට ගැනීමට නියමිත යෝජනාවලියට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන ලෙස පකිස්තානය විසින් එම කොමිසම නියෝජනය කරන මුස්ලිම් රටවලින් ඉල්ලා සිටි බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
එළඹෙන 22 දා පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන අතර පාකිස්තාන අගමැතිවරයාගේ ශ්‍රී ලංකා සංචාරය සිදුවන්නේ තීරණාත්මක අවස්ථාවක බවට දේශපාලන විචාරකයන් පෙන්වා දෙති.
ජිනිවා හි ජගත් මානව හිමිකම් කවුන්සලයේ දී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවක් ලබන 23 වනදා ඡන්ද විමසුමකට ලක් කිරීමට ද නියමිතව තිබේ.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        