මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වෙයි – චීනයෙන් අනවශ්‍ය අතපෙවීමක්!

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වෙයි - චීනයෙන් අනවශ්‍ය අතපෙවීමක්!

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වෙයි - චීනයෙන් අනවශ්‍ය අතපෙවීමක්!

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය හෙළා දකිමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කර තිබෙන ප්‍රකාශයක් චීනය විසින් අවහිර කර තිබේ.

මියන්මාර හමුදාවේ ඡ්‍යෙෂ්ඨ ජෙනරාල්වරයා වන “මින් අන්ග් හලින්ග්” පසුගිය (01) හමුදා කුමන්ත්‍රණයකින් එරට බලය අල්ලාගත් අතර එරට නිල නොලත් පාලකයා ලෙස සැලකුණු අවුන් සාන් සුකී සහ ජනාධිපති තාන් ශ්වේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මේ වන විට එරට දේශපාලන නියෝජිතයින් සියයක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මියන්මාරයේ විශාලතම නගරය වන යැන්ගොන් හි අවුන් සාන් සුකීට සහය පළ කරමින් ඇගේ නිදහස තහවුරු කරන ලෙස බලකරමින් විරෝධතා ද ආරම්භ වී තිබේ.

එරට තුළ සිදුව තිබෙන මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් නිකුත් කිරීමට බලාපොරොත්තු වන ඒකාබද්ධ ප්‍රකාශයට චීනයේ සහය නොලැබීම මෙහි විශේෂත්වයකි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයෙකු වශයෙන් චීනයේ සහය ඊට අනිවාර්යයෙන් අවශ්‍ය වෙයි.

පසුගිය නොවැම්බරයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල පිළිගත නොහැකි බව පවසමින් මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය සිදුකර තිබෙන නමුත් මියන්මාරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ විශේෂ නියෝජිතවරිය අවධාරණය කර ඇත්තේ සුකී මහත්මියගේ පක්ෂය ලබා ඇති ජයග්‍රහණය ඉතා පැහැදිලි බවයි.

එහෙයින් එම හමුදා කුමන්ත්‍රණය ඇය හෙළා දැක තිබේ.

ඒ අනුව රට පුරාද ඊට විරෝධය මතුව තිබෙන අතර නව පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කිරීමට තිබියදී සිදු වූ මෙම දේශපාලන කැරැල්ල නැවත හැරවීම වෙනුවෙන් මියන්මාර වැසියන් විරෝධතා දියත්කරමින් පසුවෙයි.

රෝහල් තුළ වැඩවර්ජන ද ක්‍රියාත්මක බවයි දැක්වෙන්නේ.

ජනතාව පැහැදිලි ලෙස ඉල්ලා තිබෙන්නේ අවුන් සාන් සුකී මහත්මියගේ නිදහස් තහවුරු කරන ලෙසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *