දෙමළ,මුස්ලිම් දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන එක්වූ P2P රැළියට අවසන් දිනයේ ජන ගඟක්

දෙමළ,මුස්ලිම් දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන එක්වූ P2P රැළියට අවසන් දිනයේ ජන ගඟක්

දෙමළ,මුස්ලිම් දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන එක්වූ P2P රැළියට අවසන් දිනයේ ජන ගඟක්

දෙමළ කතා කරන ජනයාගේ ජීවන අයිතිය තහවුරු කිරීමේ අරමුණින් P2P හෙවත් පොතුවිල් සිට පොලිකණ්ඩි දක්වා මෙහෙය වූ නිදහස් නිහඬ රැළිය ඊයේ (7) යාපනය,පොලිකැන්ඩියට සේන්දුවිය.
මෙම රැළියට අධික ජනකායක් රැස්ව මුහමාලෛහි සිට උණුසුම් පිළිගැනීමක් ලබා දෙමින් එයට සහාය දැක්වූහ.

උතුරු නැගෙනහිර සිවිල් සංවිධාන එක්ව සංවිධානය කර තිබූ මෙම මහජන විරෝධතා රැළිය පසුගිය 3වන බදාදා දින අම්පාර පොතුවිල් සිට ආරම්භ වී මඩකලපුව, ත්‍රිකුණාමලය, මුලතිව්, වවුනියා, මන්නාරම යන දිස්ත්‍රික් හරහා ඊයේ පස්වරුවේ කිලිනොච්චියට ලඟා විය.

කිලිනොච්චියේ සිට අද උදෑසන පටන්ගත් මෙම රැළීය, පරන්තන් පලෛ හරහා මුහමාලෛ දක්වා පැමිණියේය.

කොඩිගාමම්, චාවකච්චේරි, කෛතඩි, නාවට්කුලිය, අරියාල, යාපනය නගරය, යාපනය පුස්තකාලය, යාපනය ලෝක දෙමළ පර්යේෂණ සමුළු සමූල ඝාතන අණුස්මරණ ස්ථානය, යාපනය විශ්ව විද්‍යාලය, නල්ලූර් තියාගදීප අණුස්මරණ ස්ථානය, කල්වියංකාඩු, කෝප්පාය්, නීර්වේලි, වල්ලෛවෙලි, පුරාපුරක්කි හන්දිය, කරණවායි, නෙල්ලියඩි, මාලුහන්දිය, මන්දිහෛ, පේදුරුතුඩුව, දිග්ගම, අල්වායි, වදිර්හන්දිය, උඩුපිටිය, වැල්වෙටිතුරෛ, තීරුවිල්, වැල්වෙටිතුර නගරය, නෙඩියකාඩු හරහා පොලිකණ්ඩියෙන් අවසන් වේ.

අසාධාරණයට ලක්වූ දෙමළ ජනතාවට ජාත්‍යන්තරය යුක්තිය ඉටුකර දියයුතුයි යන ඉල්ලීම ඉදිරිපත් කරමින් ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයට උතුරු නැගෙනහිර දෙමළ සංවිධාන එක්ව අත්සන් කර යොමු කළ ඉල්ලීම ඉටුකළ යුතු බවත් උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කර ගැනීම, පැහැරගනු ලැබූවන්ගේ ඥාතීන්ට යුක්තිය ඉටුකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, වතුකරයේ කම්කරුවන්ගේ දෛනික වැටුප රු.1000 දක්වා වැඩිකිරීම, මුස්ලිම්වරුන්ගේ ආගමික විශ්වාසය වන මරණ භූමදානය සඳහා අනුමැතිය ලබා දීම ඇතුළු සුළුතර ජන කොටසේ නොයෙකුත් ජීවන අයිතීන් ඉල්ලීම් ඉදිරිපත් කරමින් පොතුවිල් හි සිට ආරම්භ වී පොලිකණ්ඩි තෙක් මෙම රැළිය පැවැත්විණී.

යුද අවසානයට පසුව උතුර කේන්ද්‍ර කරගෙන සිදුවූ මහජන විරෝධතාවයන්ගෙන් මෙම රැළීය විශේෂ තැනක් හිමිකර ගෙන ඇත.

දෙමළ,මුස්ලිම් දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන එක්වූ P2P රැළියට අවසන් දිනයේ ජන ගඟක්දෙමළ,මුස්ලිම් දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන එක්වූ P2P රැළියට අවසන් දිනයේ ජන ගඟක්දෙමළ,මුස්ලිම් දේශපාලන පක්ෂ,සිවිල් සංවිධාන එක්වූ P2P රැළියට අවසන් දිනයේ ජන ගඟක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *