නැගෙනහිර ජැටියේ ප්‍රශ්නයේදී විමල් හැසිරුණු ආකාරය ගැන කණගාටුවෙනවා – පොහොට්ටු ලේකම්

"ආණ්ඩු පක්ෂ සන්ධානයෙහි ප්‍රධාන පක්ෂය ශ්‍රීලනිප නොව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණයි"- ජනපති - ශ්‍රීලනිප සාකච්ඡා අස්සේම සාගරගෙන් ශ්‍රීලනිපයට ටොක්කක්
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධ ප්‍රශ්නයේදී අමාත්‍ය විමල් වීරවංශ මහතා හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් ලෙස කණගාටු වන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.
“ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මනාප වෙනුවෙන් බාල දේශපාලනයේ යෙදෙන පක්ෂයක් නෙවෙයි. විමල් වීරවංශ ඇමතිතුමා වුණත් නිසි ආකාරයෙන් කටයුතු කළා නම් එතුමා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙක්, ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම තියෙනවා, කැබිනට් රැස්වීම තියෙනවා, එතනදි සාමුහිකත්වය කියන කාරණය තියෙනවා, එතුමාට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න තිබුණා. නමුත් අපි කණගාටුවෙනවා ඒ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන්.
එහෙම කිසි කෙනෙකුගේ බලපෑමකට යටත් වෙන ජනාධිපතිවරයෙක්වත් රජයක්වත් නෙවෙයි තියෙන්නෙ. රටට ආදරේ, රටට අවශ්‍ය දේ කරන ජනාධිපතිවරයෙක් සහ රජයක් තමයි අපි පිහිටුවලා තිබෙන්නෙ. එය තමයි අපි රටේ ජනතාවට දුන් පොරොන්දුව. අපි ඒ පොරොන්දුව ඉටු කරනවා. රට සංවර්ධනය කරනවා. ඒක කිසි කෙනෙකුගේ බලපෑමට යටත් වෙලා නෙවෙයි හරි දේ හරියට කරන රජයක් ලෙසයි කරන්නේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ මේ රජය එය ඉතාම විශ්වාසයෙන් කියනවා” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්වරයා මේ බව පැවසුවේ (01) බත්තරමුල්ලේදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.