රාජපක්ෂලා ලංකාව ලෝක බලවතුන්ගේ පොරපිටියක් කරලා: දැන් රටම පඹ ගාලක පටලවලා – ලක්‍ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

ජාත්‍යන්තරය අපේක්ෂා කරන දේශපාලන-ආර්ථික ප්‍රතිසංස්කරණක් වනතුරු විදෙස් ණය ආධාර ලැබෙන්නෑ - ලක්ෂ්මන් කිරිඇල්ල

2015 පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබු වැරදි විදේශ ප්‍රථිපත්ති නිසා අද අපේ රට ලෝකයේ සුපිරි බලවතුන්ගේ පොර පිටියක් වී ඇති බවත්, චීනය අපේ රටට අනවශ්‍ය ආකාරයෙන් සම්බන්ධ කර ගැනීම මත ඉන්දියාව අපේ රට සමග උරණ වූ බවත් විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක (පා:ම) ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

විපක්‍ෂ නායක කාර්යාලයේදි (02) මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් ඒ මහතා මෙම අදහස් දැක්වීය.

2015 පෙර මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ පාලන සමයේ තිබු වැරදි විදේශ ප්‍රතිපත්ති නිසා අද අපේ රට ලොකයේ සුපිරි බලවතුන්ගේ පොර පිටියක් බවට පත්වෙලා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමා රටේ රාජ්‍ය නායකයා වෙන්න කලින් රටේ රාජ්‍ය නායකයින් 11 දෙනෙකු හිටියා. මේ නායකයන් සියලු දෙනා අපේ රට ලොකයේ ඉන්න සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුනොවී තබාගන්නට කටයුතු කෙරුවා. අපේ රටට ආසන්නම බලවතා තමයි ඉන්දියාව. ඉන්දියාවට උතුරෙන් තියෙන රටවල් දිහා බැලුවාම, නිරන්තරයෙන්ම ඉන්දියාවට උතුරෙන් තිබෙන රාජ්‍යයන් සමග ගැටළු තිබෙනවා. ශ්‍රි ලංකාව ඉන්දියාවට දකුණෙන් පිහිටා තිබෙනවා. ශ්‍රි ලංකාව තමයි ඉන්දියාවට ගැටළුවක් නොවුණ එකම රට. නමුත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමා බලයට පත්උනාට පසු ශ්‍රී ලංකාව සීමාව ඉක්මවා චීනයේ ග්‍රහණයට ලක් කෙරුවා. චීන ණය අරගෙන පෝට් සිටි, වරායවල්, ගුවන් තොටුපලවල් ඉදිකෙරුවා. ශ්‍රී ලංකාව තුල තිබූ චීන ආධිපත්‍ය ඉන්දියාවට ප්‍රශ්ණයක් උනා. පෙර සිටි එකම නායකයෙකුවත් ඉන්දියාවේ ආරක්‍ෂාවට බලපෑම් ඇතිවෙන ආකාරයෙන් කටයුතු කලේ නෑ. සෑම සුපිරි බලවතුන් සමගම සමබර විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලා. නමුත් ඉන්දියාව සමග අනවශ්‍ය ආකාරයෙන් ප්‍රශ්ණ ඇති කරගැනීමට හේතුව වූයේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා. අපේ රට චිනයේ ප්‍රාන්තයක් වශයෙන් පරිවර්ථතනය කරලා අසීමිත ණය අරගෙන ණය ගෙවා ගන්න බැරි උනාම අපේ සම්පත් සුපිරි බලවතුන්ගේ ග්‍රහණයට හසුවෙන නිසයි. මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට පෙර සිටි එකම රාජ්‍ය නායකයෙකුවත් අපේ රට මේ ආකාරයෙන් අනතුරේ දැම්මේ නෑ. චීනය අනවශ්‍ය ආකාරයෙන් අපේ රටට සම්බන්ධ කරගත්ත නිසයි ඉන්දියාව අපි සමග උරණ උනේ. ඉන්දියාfව් ආරක්‍ෂාවට, ලංකාfව් ආරක්‍ෂාව වැදගත් කාරණයක්.

වරාය නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඇමරිකාව කියනවා නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දෙන්න කියලා. මෙහෙම ගියොත් තව ටිකක් කල් යනකොට තව කවුරුහරි ත්‍රිකුණාමලයත් ඉල්ලයි. මෙම තත්වය ඇතිවුනේ අනවශ්‍ය ආකාරයෙන් චීනය රට තුලට ගෙන්නලා රටේ ප්‍රධාන ස්ථාන ඒ අයට ලබා දුන් නිසයි. චීනයෙන් ණය ගත්තා පෝට් සිටි, වරායවල්, ගුවන් තොටුපලවල් හදන්න. නමුත් ශත පහක්වත් ආදායමක් නෑ. ණය ගත්තා, චීන කම්කරුවන් වැඩ කෙරුවා. ගත්ත ණයෙන් 90% ක් නැවත චීනයටම ගියා. මේ ආයතන මගින් තව අවුරුදු 10කටවත් ආදායමක් ලබාගන්න බෑ. සාමාන්‍ය ව්‍යාපාරයක් කරන කෙනෙකුට උනත් ණය මුදලක් ලබාගත්තාම අවුරැදු 4 ක් 5 ක් යනකොට ඉන් ආදායමක් ලැබෙන්න ඕනේ. අපේ රට අරගෙන තියෙන ණය මුදලෙන් 60 % ක ප්‍රමාණයක් අපි ණය අරගෙන තියෙන්නේ චීන ආණ්ඩුවේ ව්‍යාපෘති සදහායි. නමුත් කිසි ආදායමක් නෑ, ණය වාරිකයයි පොලියයි ගෙවනවා. මේ වෙනකොට වාරිකය ගෙවාගන්න ආණ්ඩුවට සල්ලි නෑ.

ඒ නිසයි වරාය නැගෙනහිර පර්යන්තයේ 49 % මේ ආණ්ඩුව විකුණන්න හැදුවේ. ආයෝජනල ආයෝජන කිව්වට 49 % ක් විකුණන්නයි හැදුවේ. වෘත්තීය සමිති විරුද්ධ වීම නිසා ආණ්ඩුවට එම තීරණය හකුලාගන්න සිදු වුනා.

ඊයේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වෘත්තීය සමිති නායකයන්ට කිව්වා වරාය ඉන්දියාවට ලබාදෙන්නේ නෑ කියලා. නමුත් අද ඉන්දියාව කියනවා 2019 දි අත්සන් කරපු ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියලා. 2019 දී ගිවිසුම්ගත වුනේ 49 % විකුණන්න නෙවේ. නැගෙනහිර පර්යන්තයේ කළමණාකාරිත්වය කරන්න සමාගමක් හැදුවා. අයිතිය ලබාදීමට නෙවේ කළමණාකාරිත්වය සදහා පමනයි. ජපානය නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන්න දශම එකේ පොළිය මත ඇමරිකානු ඩොලර් මිලියන 650 ක් දෙන්න පොරොන්දු උනා. පළමු අවුරුදු 12 දී ශතයක්වත් ගෙවන්න ඕනේ නෑ. ඉන්දියාවේ දායකත්වය තමයි බිස්නස් වරායට එවනවා. එයයි 2019 ගිවිසුම.

අද ආණ්ඩුව පඹ ගාලක පැටලිලා. ආණ්ඩුව කටයුතු කරන ආකාරය හිතාගන්නවත් බෑ. නැගෙනහිර පර්යන්තය වෙනුවට බටහිර පර්යන්තය දෙන්න හැදුවත් ඒක භාරගනිද කියලා අපිට කියන්න බෑ. පසුගිය කාලයේ අපිට විරුද්ධව සිටි දේශපාලන පක්‍ෂ, මාධ්‍ය අපි කළමණාකරණය සඳහා දෙන්න හදපු නැගෙනහිර පර්යන්තය විකුණුම්කරණයක් වශයෙන් සමාජගත කරා. විරුද්ධ දේශපාලන පක්ෂ මාධ්‍ය හරහා වැරදි තොරතුරු ජනතාවට පෙන්නු නිසා අද අපේ රට හා රජය පඹ ගාලක පැටලිලා ඉන්නවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *