පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන “සාරා” සම්බන්ධව පැන නැඟූ ප්රශ්නය…
 
                පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වන "සාරා" සම්බන්ධව පැන නැඟූ ප්රශ්නය
පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිද්ධියේ තවමත් ජීවතුන් අතර සිටින ප්‍රධාන සැකකරු සාරා, ඉන්දියාවේ තබා ගෙන ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඔවුන්ගේ ආධිපත්‍ය පෙන්වනවාද? යන සැකය මතු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහ්මාන් මහතා ප්‍රකාශ කළේය.
ඔහු මේ පිළිබඳව තව දුරටත් කියා සිටියේ,
“පාස්කු ඉරිදා දින ප්‍රහාරය සිද්ධියේ දැනටමත් ජීවතුන් අතර සිටින්නේ ප්‍රධාන සැකකරු සාරා පමණි. ඇයව ඉන්දියාවේ සිට මෙරටට රැගෙන නොඑන්නේ මන්දැයි කිසිවෙකු ප්‍රශ්න කරන්නේ නැත. මැයව ඉන්දියාවට රැගෙන යාම සඳහා මන්නාරම දක්වා ගෙන ගිය බවට චෝදනා කරමින් කලවංචිකුඩි පොලිස් නිලධාරියෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.”
“ඉන්දියාවෙහි සාරාව තබාගෙන ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ආධිපත්‍ය පතුරනවාදැයි සැකයක් මතු වේ. ශ්‍රී ලංකා රජය තවමත් නිල වශයෙන් සාරාව රැගෙන ඒමට ඉන්දියාවෙන් ඉල්ලා නොසිටින්නේ ඇයි? ඉන්දීය විදේශ උපදේශක, විදේශ ලේකම් ආදී පුද්ගලයින් මෙරටට පැමිණ ගියහ. නමුත් මෙම ප්රශ්නය පිළිබඳව කිසිම කෙනෙකු කතා කළේ නැත.”
ඔහු මේ බව පැවසුවේ, විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.

 
                                             
                                             
                                             
                                         
                                         
                                         
                                        