ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බේරා ගන්න – ප්‍රංශ ජනාධිපතිවරයාට හදිසි ලිපියක්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බේරා ගන්න - ප්‍රංශ ජනාධිපතිවරයාට හදිසි ලිපියක්

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව බේරා ගන්න - ප්‍රංශ ජනාධිපතිවරයාට හදිසි ලිපියක්

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසන් වූ දා සිට දෙමළ ප්‍රදේශවල සැබෑ වෙනස්කම් සිදුවී නොමැත. එහෙත් දෙමළ ජනයාට විරුද්ධව සිදුවෙන වංචනික ක්‍රියා වෙනත් ස්වරූපවලින් සිදුවෙමින් පවතී.

එබැවින් ශ්‍රී ලංකාවේ සාමය පවත්වා ගැනීමට සහ දෙමළ ජනයා ආරක්ෂා කර ගැනීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය තුළ තමාට ඇති බලය යොදා ගන්නා ලෙස ප්‍රංශ ජනාධිපති මැක්‍රොන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 21 ක් දෙනෙකු අත්සන් තබා ඉහත ඉල්ලීම සිදු කර ඇත.

ප්‍රංශයේ ප්‍රධාන භූමියෙන් ඔබ්බෙන් වූ දූපත් වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණනාවක් විසින් මෙම ලිපියට අත්සන් තබා ඇති අතර පැරීසියේ දෙමළ බහුතර ප්‍රදේශ නියෝජනය කරන මහජන නියෝජිතයින් ද ඒ අතර වෙති.
එම ලිපියේ තවදුරටත් සඳහන් වන්නේ,

2015 එක්සත් ජාතීන්ගේ වාර්තාවෙහි සඳහන් වූ පරිදි අන්තර් කාලීන අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇත. පීඩාවට පත් දෙමළ ජනතාවගේ ඉඩම් නැවත ලබා දීම, යුද අපරාධකරුවන්ට දඩුවම් කිරීම සහ වන්දි ලබා දීම ඇතුළු යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව විසින් ක්‍රියාත්මක කර නොමැත.

ද්‍රවිඩයන්ට එරෙහි වෛරී කතා සහ අදහස් බහුලව පැන නගිමින් පවතී. වැරදි මත පතුරුවා හරිමින් දේශපාලන පරිපාලනය දෙමළ ජනයා හසුරුවයි. ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දෙමළ දේශපාලන සිරකරුවන්ට දිගින් දිගටම වධ හිංසා පමුණුවනු ලැබේ. අනෙක් අතට, සිංහල හමුදාවන්ට අයත් අයට සමාව ලැබේ.
සිවිල් යුද්ධයේදී යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියට පත් ෂවේන්ද්‍ර සිල්වා ලංකාවේ හමුදාපති ලෙස පත් කර ඇත.

ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙස ප්‍රංශය, ශ්‍රී ලංකාවේ සැබෑ හා කල් පවත්නා සාමය ළඟා කර ගැනීම සඳහා සිය සියලු බලතල හදිසියේම භාවිතා කළ යුතු බව එම ලිපියෙන් අවධාරණය කර ඇත.

මැක්‍රොන් වෙත යොමුකළ ලිපියට අත්සන් කළ සාමාජිකයින්
Jean-Christophe Lagarde – MP for Seine-Saint-Denis – Member of the study group on the Tamil people
Marie-George Buffet – MP for Seine-Saint-Denis – President of the study group on the Tamil people
Clémentine Autain – MP for Seine-Saint-Deni
François Pupponi – MP for Val-d’Oise – Member of the study group on the Tamil people
Jean-Félix Acquaviva – MP for Haute-Corse
Emmanuelle Anthoine – MP for la Drôme
Ericka Bareigts – MP for Réunion
Olivier Damaisin – MP for Lot-and-Garonne
Alain David – MP for Gironde
Caroline Fiat – MP for Meurthe and Moselle
Régis Juanico – MP for Loire
Yannick Kerlogot – MP for Côtes d’Armor
Sonia Krimi – MP for Manche
Jean-Paul Lecoq – MP for Seine-Maritime
Paul Molac – MP for Morbihan
Sébastien Nadot – MP for Haute-Garonne
Bérengère Poletti – MP for Ardennes
Gabriel Serville – MP for Guyane
Eric Straumann – MP for Haut-Rhin
Michèle Victory – MP for l’Ardèche
Sylvia Pinel – MP for Tarn-et-
GaronneFélix Acquaviva – MP for Haute-Garonne

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *