නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයි ප්‍රසන්න කියද්දී, කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙන බව ලන්සා කියයි

නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයි ප්‍රසන්න කියද්දී, කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙන බව ලන්සා කියයි

නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයි ප්‍රසන්න කියද්දී, කවුරු විරුද්ධ වුණත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට බදු දෙන බව ලන්සා කියයි

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය විකිණීමට තමාද විරුද්ධ යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජාතික සම්පත් විකිණීම රජයේ ප්‍රතිපත්තිය නොවන බවත්, රටට ආයෝජන ගෙන ඒම ජාතික සම්පත් විකිණීමක් නොවන්නේ යැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 4 වන සංවත්සරය වෙනුවෙන්, උඩුගම්පළ නගරයේ (23) පැවති මිනුවන්ගොඩ ආසන සමුළුවේ දී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

කෙසේවෙතත් මීට හාත්පසින්ම වෙනස් ප්‍රකාශයක් සිදු කරමින් ගම්පහ දිස්ත්‍රික්කයේම රාජ්‍ය අමාත්‍යවරයකු වූ නිමල් ලන්සා මහතා ප්‍රකාශ කළේ කවුරු විරුද්ධ වුණත් කොළඹ වරායේ නැගෙනහිර ජැටිය බදු දෙන බවත් එය රජයේ ස්ථාවරය බවත්ය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා මහතා (24දා) වත්තල කෙළවරපිටියේදී වත්තල ශ්‍රීලංකා පොදු ජන පෙරමුණේ තරුණ බල මණ්ඩලය අමතමින් මේ බව කීය.
එහිදී තව දුරටත් අදහස් දක්වා සිටි අමාත්‍යවරයා මෙසේ ද කීවේය.

“රජයක් ලෙස අපි ප්‍රකාශ කරන්නේ අපි රාජ්‍ය දේපළ විකුණාගෙන කන්නේ නෑ. අපි කරන්නේ නැගෙනහිර ජැටියට ආයෝජන කරන්න ඉන්දියානු සමාගමකට බදු දීමයි. ඉන්දියාව වේවා, ජපානය, චීනය, ඇමරිකාව වේවා ඕනෑම රටක් ලංකාවේ ආයෝජනයට එනවා නම් අපි ඒ අයට අවස්ථාව දෙනවා.

එසේ ආයෝජන අපේ රටට ආ විට රටේ තරුණ තරුණියන් ට රැකියා අවස්ථා උදාවෙනවා. ඒ නිසා අපි එකහෙලා කියාසිටි පරිදි කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ ආයෝජනය කිරීමට ඉන්දියානු සමාගමට අවස්ථාව ලබා දෙනවා. ඉන්දියාව අප අසල්වැසි මිත්‍ර රටක්, ඒ අය අමනාප කර ගැනීම අනුවන කමක්.

අද මුළු ලෝකයේම ආර්ථිකය කඩා වැටිලා එය අපේ රටටත් බලපාලා තියනවා. ඒ නිසා අපි රට දියුණු කරන්න අවශ්‍ය කටයුතු සිදු කල යුතුයි. එහි එක් පියවරක් ලෙස තමයි අපි සංචාරකයන් සදහා ගුවන්තොටුපළ විවෘත කෙරුවේ. ඒත් විපක්ෂ ය කියනවා මුළු රටටම කොරෝනා බෝ කරනවා කියලා. එසේ ඔවුන් කියන්නේ එන්. ජී. ඕ. කාරයන්ගේ සල්ලි වලටයි.”

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *