සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම

සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම

සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම

සමගි ජන බලවේගයේ මංගල කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඇතුල්කෝට්ටේ පිහිටි පක්ෂ මූලස්ථානයේදී (25) පැවැත තිබේ.

පළමු කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකයා වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා පත් වී තිබේ.

පක්ෂයේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වී ඇත්තේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාය.

ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරුන් 8 දෙනකු පත්වී ඇති අතර චම්පික රණවක, කබීර් හෂීම්, ලක්ෂ්මන් කිරිඇල්ල, රවී සමරවීර, කුමාර වෙල්ගම සහ රාජිත සේනාරත්න යන මහත්වරු සිටිති.

පක්ෂයේ මහලේකම්වරයා වශයෛන් රංජිත් මද්දුමබණ්ඩාර මහතා තේරී පත්ව ඇති අතර නියෝජ්‍ය මහලේකම්වවරයා වශයෙන් නලින් බණ්ඩාර මහතා තේරී පත්වී ඇත.

පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස හර්ෂද සිල්වා මහතා තේරී පත්ව ඇති අතර පක්ෂයේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී. පෙරේරා මහතා පත්ව තිබේ.

හරීන් ප්‍රනාන්දු මහතා හට පක්ෂයේ ප්‍රධාන තනතුරු 2ක් ලබා දීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීන්දු කොට ඇත.

ඒ අනුව පක්ෂයේ උපසභාපති ධූරයත්, පක්ෂ මෙහෙයුම් ප්‍රධානී නතුරත් හරීන් ප්‍රනාන්දු මහතාට හිමිව ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *