යුද පුහුණූව ලබා දීම පිළිබඳව පරීක්ෂා කිරීමෙන් කිසිදු පලක් නෑ – මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

ඉදිරියේදී තවත් සැර කොරෝනා එන්න පුළුවන්; අලුතින් එන්නත් නිපදවීමට සිදු වනු ඇත - මහාචාර්ය තිස්ස විතාරණ

රටේ දැනට පවතින තත්වය උඩ වයස අවුරුදු 18 ට වැඩි අයට යුද පුහුණුව ලබා දීම පිළිබඳව සොයා බැලීමෙන් කිසිදු පලක් නැති බවත් ඊට වඩා ජනතාව සාගින්නෙන් බේරාගැනීම සඳහා වන වැඩසටහන් අවශ්‍ය බවත් පාලක පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ සඳහන් කළේය.

වයස අවුරුදු 18 ට වැඩි අය සඳහා යුද පුහුණුව ලබා දීම පිළිබඳව අමාත්‍ය සරත් වීරසේකර කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජවාදී ජනතා බලවේගයේ ස්ථාවරය පිළිබඳව ඔහු මෙලෙස ප්‍රකාශ කර සිටියේය.

කොරෝනා වසංගතය නිසා රට මුහුණ දෙමින් සිටින ව්‍යාකූල තත්වය උඩ යුද පුහුණුව දැනට අනවශ්‍ය දෙයක්. ඒ සඳහා වැය කරන මුදල් පාසල්වල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණූ කිරීම සඳහා යෙදවිය හැකි බව ඔහු සඳහන් කර සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *