මේ පාරවත් ජාතික ගීය දෙමළෙන් ගායනා කරන්න – ජනපතිගෙන් සහ අගමැතිගෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඉල්ලයි

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ

දෙමළ බසින් ජාතික ගීය මෙම වතාවේ වත් ගායනා කර ජාතික සංහිඳියාව සඳහා වන විශ්වාසවන්තභාවය හෙළිකළ යුතු බවට අවධාරණය කරමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජනපති තුමාගෙන් සහ අගමැතිතුමාගෙන් ඉල්ලා ඇත. තවදුරටත් දෙමළ ජනයා දුරස් නොකොට ඔවුන්ගේ සිත් දිනා ගැනීමට රජය උත්සාහ කළ යුතු බවත් ඉල්ලා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් එම පක්ෂයේ උප නායක සහ මාධ්‍ය ප්‍රකාශක සමන් කුමාර සඳහන් කර සිටියේ,

ලබන පෙබරවාරි 4 වන දිනට යෙදී ඇති නිදහස් දින සැමරුම පිළිබඳව ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පසුගිය සතියෙ මාධ්‍යයට පහැදිලි කර තිබුණා. කෙසේ වෙතත් එහිදී කිසිදු ජාතියකට අහිතක් නොවීමට රජය වග බලා ගත යුතු බවයි.

එබැවින් නිදහස් සැමරුමේදී ජාතික ගීය දෙමළෙන් ගායනා කොට ජාතික සංහිඳියාවට වන සංඥාව පිළිබිඹු කළ යුතුයි. දෙමළ කතා කරන අයත් මෙම රටේ වැසියන්. ඔවුන්ටත් සියලූම අයිතීන් සතුයි. එබැවින් ඔවුන් ඈත් නොකොට ‍ඔවුන්ගේ සිත් දිනා ගත යුතුයි. ලබන නිදහස් දින සැමරුම ඒ සඳහා ඉතාමත් උචිත අවස්ථාවක් බව අප පක්ෂය දකිනවා.

පාර්ලිමේන්තුව නියෝජනය කරන දෙමළ ජනතාවගේ නියෝජිතයන්ද මේ පිළිබඳව රජයට අවධාරණය කළ යුතුයි. මෙම ඉල්ලීම දෙමළ කතා කරන සෑම අයෙතුගේම ඉල්ලීම විය යුතුයි. තවද දෙමළ ජනයා ජීවත් වන ප්‍රදේශවල නිදහස් දින සැමරුම දෙමළ බසින් ජාතික ගීය ගායනා කොට අපේ අයිතිය ආරක්ෂා කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

-වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *