ලංකාවේ නීති ගෙන කියන අපූරු පොල්ගෙඩි නඩු දෙකක්

රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසලා

රිලව්, දඩුලේනුන් හා වඳුරන් 2022දී පොල් ගෙඩි මිලියන 180-200ක් අතර ප්‍රමාණයක් වනසලා

ගාල්ල දුම්රිය නිල නිවාස පිහිටි ඉඩමේ පොල් ගසකින් හොරෙන් පොල් ගෙඩි 21ක් කඩා ගැනිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙකු රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා (20) නියෝග කළේය.
මෙසේ ඇප මත මුදා හරිනු ලැබුවේ ගාල්ල කන්දෙවත්ත පදිංචි සැකකරුවෙකි.සැකකරු දුම්රිය නිල නිවාස ඉඩමේ පොල් ගසකින් ඊයේ සවස ගෙඩි 21ක් කඩා එම ස්ථානයේම ඇති 172 කිලෝ මිටර් කණුවේ ගසා ලෙලි ගසමින් සිටියදි දුම්රිය ආරක්ෂක නිලධාරින් විසින් අල්ලාගෙන පොල් තොගයද සමග ගාල්ල පොලිසියට බාරදි ඇත.

ගාල්ල විවිධ පැමිණි අංශය විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලදී. වැඩිදුර නඩු විභාගය මැයි 4 වනදිනට කල් තබන ලදි.

මේ අතර, ගම්පහ, නීලමහර ප්‍රදේශයේ වත්තකට ඇතුළු වී රුපියල් 120.00 ක් වටිනා පොල් ගෙඩියක් සොරකම් කළේ යැයි චෝදනා ලැබූ සැකකරුවෙකු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (19) දින රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැර තිබේ.

මල්වතුහිරිපිටිය, නීලමහර ප්‍රදේශයේ පදිංචි සැකකරුවෙකුට මෙලෙස ඇප නියම විය. ලබන මාර්තු මස 18 වැනි දින නැවත අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස එම සැකකරුට අධිකරණය නියෝග කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *