කුරුණෑගල පෞරාණික ස්ථාන හාරන්නේ ඥානක්කාගේ කීමට, විරුද්ධවාදින් දමණය කිරිමේ බලයක් ලැබෙන රන් මුදුවක්?

ඥානක්කාගේ කීමට පෞරාණික ස්ථාන ඩෝසර් කර සොයන්නේ විරුද්ධවාදින් දමණය කිරිමේ අසාමාන්‍ය බලයක් ලැබෙන රන් මුදුවක් ද?

ඥානක්කාගේ කීමට පෞරාණික ස්ථාන ඩෝසර් කර සොයන්නේ විරුද්ධවාදින් දමණය කිරිමේ අසාමාන්‍ය බලයක් ලැබෙන රන් මුදුවක් ද?

කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි ඓතිහාසික රාජසභා මණ්ඩපය සහ රජපිහිල්ල උද්‍යානය වැනි පෞරාණික ස්ථාන ඩෝසර් කරන්නේ අනුරාධපුරය කේන්ද්‍ර කරගෙන යාගහෝම සිදුකරන ඥානක්කා නම් කාන්තාවගේ උපදෙස් අනුව යැයි වාර්තා වේ.

කුරුණෑගල නගරයේ පිහිටි එෛතිහාසික රාජසභා මණ්ඩපය ඩෝසර් කර අදට මාස 06ක් ගතවී ඇති අතර ඒ සම්බන්ධයෙන් රජය විසින් මේ වන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත්තේ රජයේ ඉහළ බලවතුන් සහ ඥණක්කා නම් කාන්තාව අතර පවතින සමීප සම්බන්ධතාවය සහ ඥානක්කාගේ උපදෙස්වලට එරෙහිව යාමෙන් ඇගේ උදහසට ලක්වේ යැයි බියෙන් යැයි ප්‍රදේශයේ ගෞරවණීය භික්ෂූන්වහන්සේලා ඇතුළු පුරවැසියෝ පවසති.

ඥානක්කාගේ කීම අනුව මෙම පෞරාණික ස්ථාන ඩෝසර් කර සොයන්නේ රතු මැනිකක් සහිත පෞරාණික රන් මුදුවක් බවත් ඥණක්කා විසින් බැන්ද රතු නූල ඇති දකුණු අතකට එම රන් මුදුව දැමූ පසු විරුද්ධවාදින් දමණය කිරිමේ අසාමාන්‍ය බලයක් ලැබෙන බවට මෙම ක්‍රියාවලිය පසුපස සිටින බලවතුන් විශ්වාස කරන බවත් ඔවුන් වැඩි දුරටත් පවසයි.

මීට පෙර මහින්ද රාජපක්ෂ පාලන සමයේදීද මෙවැනිම සිදුවීම් රටේ තැනින් තැන වාර්තා වූ අතර රත්තරන් කඩු එකතු කිරිමේ ක්‍රියාවලියකදී මනුෂ්‍ය ඝාතන කිහිපයක්ද සිදුවිය. එමෙන්ම කැකිරාව ප්‍රදේශයේ හමුදා ගම්මානය ආශ්‍රීත වනාන්තරයේද අධිතාක්ෂණික ස්කෑනින් උපකරණ යොදා රහසිගතව කැනීම් සිදුකරන අයුරු හමුදා ගම්මානයේ නිවැසියන් විසින් නිරීක්ෂණය කර තිබුණි.

-LankaTruth

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *