දෙමළ භාෂා පොලිස් පරීක්ෂකවරුන් බඳවා ගැනීමෙන් අනාගතයේ පොලිස් ජිහාදයක් බිහිවේවිදෝ සැකයක් මතුවෙනවා – මාගල්කන්දේ හිමි

අනාගතයේ භයානක පොලිස් ජිහාදයක් බිහිවේවිදෝ සැකයක් මතුවෙනවා – මාගල්කන්දේ සුදත්ත හිමි

අනාගතයේ භයානක පොලිස් ජිහාදයක් බිහිවේවිදෝ සැකයක් මතුවෙනවා – මාගල්කන්දේ සුදත්ත හිමි

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රිගේ ඉල්ලීමක් අනුව පොලිස් දෙපාර්තුමේන්තුවට දෙමළ භාෂාව කතා කරන අයට ප්‍රමුඛත්වය ලබා දෙමින් නීතීඥවරුන් 150ක් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බඳවා ගැනීම සම්බන්ධයෙන් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ජනවාරි 13 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා.

එහිදී, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කළේ, මෙවන් තීරණයක් ගතහොත් අනාගතයේ දී ‘පොලිස් ජිහාදයක්’ඇති වේවිදෝ යැයි සැකයක් මතු වන බවයි.

එමෙන්ම, සරත් වීරසේකර අමාත්‍යවරයා විසින් ප්‍රමුඛත්වය ගෙන පැවැත්විය යුතු සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යවරයා විසින් පවත්වන්නේ කෙසේ ද යන්න පිළිබඳව ද උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා.

‘පොලිස් දෙපාර්තුමේන්තුවට උප පොලිස් පරීක්ෂකවරු හෝ පොලිස් පරීක්ෂකවරු, නීතීඥවරු හැටියට බඳවා ගැනීමේ ප්‍රශ්නෙට වඩා බරපතල ප්‍රශ්නයක් මෙතන තියෙනවා. අධිකරණ දෙපාර්තුමේන්තුව සරත් වීරසේකර මහතාගේ යටතේ වෙනම අමාත්‍යාංශයක් බවට පත් කරලා තිබියදී සරත් වීරසේකර මහත්මා විසින් පැවැත්විය යුතු සාකච්ඡාවක් අලි සබ්‍රි අධිකරණ අමාත්‍යවරයා විසින් පවත්වන්නේ කෙසේ ද කියන එක අපි ප්‍රශ්න කරනවා.’

‘දෙමළ භාෂාව කතා කරන උදවියට ප්‍රමුඛතාවය දීලා 150ක් නීතීඥවරු බඳවා ගන්නේ කිනම් අරමුණකින් ද කියන එකත් සොයා බැලිය යුතුයි. මොකද දිවයිනේ විවිධ පළාත්වලට මේ උදවිය පත් කර හැරීමට බලාපොරොත්තු වෙනවා. මෙය පොලිස් දෙපාර්තුමේන්තුව තවත් ජිහාදයක් බවට පත් කිරීමේ උත්සාහයක් තියෙනවා ද කියලා සැක සංකා මතුවෙනවා. මොකද රාවුෆ් හකීම් හිටපු අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයාව සිටියදී නීති විද්‍යාල ප්‍රවේශය හොරකම් කරලා දෙමළ භාෂාව කතා කරන නීති ශිෂ්‍යයන් නීති විද්‍යාලයට බඳවා ගන්නට යෙදුනා. එමඟින් විශාල ආන්දෝලනයක් ඇති වුනා. විශාල කතාබහක් ඇති වුනා.’

එබැවින් මෙය හුදෙක්ම යටි කුමන්ත්‍රණයක් හා භයානක විපතක් බවත් මෙම නිලධාරීන් අනාගතයේ දී රටේ නීතිය බලාත්මක කෙරෙන බලය සම්පූරණයෙන්ම පැවරෙන බවත් සුදත්ත හිමියන් පෙන්වා දෙයි.

දෙමළ භාෂාව කතා කරන මේ නිලධාරීන් 150ක් එකවරම බඳවා ගත්තොතින් අනාගතයේ දී ඇති විය හැකි ව්‍යසනය පිළිබඳව අපිට සැක සංකා මතුවෙනවා. මොකද හේතුව අවුරුදු 20ක් 25ක් දෙපාර්තුමේන්තුවේ පරිනත නිලධාරීන් බවට මේ නිලධාරින් පත්වෙනකොට පොලිස් අධිකාරිවරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් බවට මේ නිලධාරීන් පත් වෙනවා. එතකොට ලංකාවේ සතර දිග්භාගයේ මේ නිලධාරින් ජ්‍යෙෂ්ඨ උසස් නිලධාරීන් බවට පත් වීම් ලැබුවහොත් අන්තවාදීන්ගේ ගොදුරක් බවට මේ නිලධාරින් පත් වුවහොත් රටට අත්වන ඉරණම ඉතාමත් බරපතල ව්‍යසනකාරී තත්ත්වයක් බවට පත්වෙනවා. මොකද හේතුව සහරාන්ගේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච කෝටිපති ව්‍යාපාරිකයන්, කෝටිපති ව්‍යාපාරිකයන් සහරාන්ගේ ගොදුර බවට පත්වුනා. ඒ විතරක් නෙවෙයි ඊබ්‍රාහිම් කියන කෝටිපති ව්‍යාපාරිකයාගේ පවුලේ උදවිය මේ දැවැන්ත සාහසික ප්‍රහාරයට හසු වුනා. ගොදුරු බවට පත් වුනා. එහෙම වාතාවරණයක් තියෙද්දී ඒ ඇතැම් ආගමික ඉගැන්වීමක් නිසාවෙන් කෝටිපති ව්‍යාපාරිකයින් එවන් තත්ත්වයකට පත් වුනා නම් මේ නිලධාරීන් එවන් තත්ත්වයකට පත් නොවේවී යි කියලා අපට පූර්ව නිගමනයක් කරන්න පුළුවන්කමක් නැහැ. ඒක නිසා මේක අනාගත ව්‍යසනයක පෙර නිමිත්තක් හැටියට දකින්නේ.

අනික තමයි එකවර නීතීඥවරු 150ක් බඳවා ගැනීමෙන් පොලිස් දෙපාර්තුමේන්තුවෙත් යම් අර්බුදයක් ඇති විය හැකියි. පොලිස් දෙපාර්තුමේන්තුවේ බොහොම දක්ෂ, පක්ෂ, විමර්ශන නිලධාරීන් ඉන්නවා. ඒ නිලධාරින් කාලයක් තිස්සේ පොලිස් දෙපාර්තුමේන්තුවේ රාජකාරී කරලා උසස්වීම් බලාගෙන ඉන්න නිලධාරීන්. එකවර 150ක පිරිසක් මේ වගේ බඳවා ගත්තොතින් අර උසස්වීම් බලාගෙන ඉන්න නිලධාරීන්ට ලොකු අසාධාරණයක් සිදුවෙනවා. ඒ පිළිබඳවත් කරුණු කාරණා කතා කරන්න ඕනේ. දේශපාලනික වශයෙන් මේ දෙපාර්තුමේන්තු පිළිබඳව තීන්දු තීරණ ගත යුතු නැහැ.

අනික තමයි මේ අධිකරණ දෙපාර්තුමේන්තුවේ පැවති සාකච්ඡාව පැවැත්වුණේ සරත් වීරසේකර අමාත්‍යතුමාගේ අනුදැනුම මත ද කියලා අපි ප්‍රශ්න කරනවා. එහෙනම්, සරත් වීරසේකර අමාත්‍යතුමාගේ යටතේ පවතින දෙපාර්තුමේන්තුවක නිලධාරීන් කැඳවා සාකච්ඡා කරන්නේ නම් ඇයි සරත් වීරසේකර මහත්තයාගේ අමාත්‍යාංශයේ, අමාත්‍යාංශ නිලධාරීන් මේ සඳහා සම්බන්ධ නොවුනේ? මොකක් හෝ යටි කුමන්ත්‍රණයක් මේ තුළ තිබිය හැකියි.

දෙමළ භාෂාව හැසිරවිය හැකි අයට ප්‍රමුඛත්වයක් ලබා දීම සහ අදාළ බඳවා ගැනීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව හරහා පවත්වන තරඟකාරී විභාගයකින් තොරව සම්මුඛ පරීක්ෂණ මගින් පමණක් බඳවා ගැනීමට තීරණය කර තිබීම යන කරුණුවල පවතින ගැටළු සහගත බව පිළිබඳව ද සුදත්ත හිමියන් මෙහිදී අදහස් පළ කළා. එමඟින් ජාතිය, ආගම සහ භාෂාව මත විශේෂතාවයක් ලබා දීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වනු ඇති බවට පූර්ව උපකල්පනයක් ඇති වීම නොවැළැක්විය හැකිවනු ඇති බවට නීතීඥවරුන් විසින් පෙන්වා දී ඇති බවට සමාජ මාධ්‍යවල වාර්තා පළ වී ඇති බවද සුදත්ත හිමියන් සඳහන් කළා.

ඒ අනුව, මෙම බඳවා ගැනීම් ජන අනුපාතයට අනුව බඳවා ගත යුතු බවත්, ජන අනුපාතයට සරිලන පරිදි නිලධාරීන් තෝරා පත් කර ගත යුතු බවත්, ජන අනුපාතයට අනුව බලය ලබා දීම ලෝකයේ ඕනෑම රටක පිළිගත් ක්‍රමවේදය බවත් උන්වහන්සේ අවධාරණය කළා.

පාස්කු ප්‍රහාරය වැනි භයානක අවස්ථාවකට අනාගතයේ දී මං පෙත් විවර කරන තීන්දු තීරණ නොගෙන මේ ගැටලුව සම්බන්ධයෙන් සේනාධිනායකයා හැටියට ජනාධිපතිවරයාගේත්, සරත් වීරසේකර අමාත්‍යවරයාගේත්, පොලිස්පතිවරයාගේත් අවධානය යොමු විය යුතු බවට සුදත්ත හිමියන් ඉල්ලීමක් සිදු කළා.

අවසාන වශයෙන් උන්වහන්සේ සඳහන් කළේ, ‘භයානක පොලිස් ජිහාදයක් ඇති වෙයිදෝ කියලා සැක හිතන්න සිද්ධ වෙනවා. සැකයට භාජනය වෙනවා. අපි එවන් භයානක තත්ත්වයන්ට ගොදුරු වෙච්ච ජාතියක්. පාස්කු ප්‍රහාරය වැනි භයානක ප්‍රහාරයන්ට අපි ගොදුරු වෙච්ච ජාතියක්. ඒ නිසා එවන් අවස්ථාවලට මං පෙත් විවර කරන තීන්දු තීරණ ගන්න එපා කියලා අපි මේ වෙලාවේ මතක් කරනවා’ යනුවෙන් ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *