ගෝඨාභය රාජපක්ෂ මහතා කියූ කතාව වැරදි පූර්වාදර්ශයකි – තිස්ස අත්තනායක

රනිල් යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගන්නේ නෑ - තිස්ස අත්තනායක

රනිල් යටතේ සමගි ජන බලවේගය කිසිවිටෙකත් අගමැති ධුර බාර ගන්නේ නෑ - තිස්ස අත්තනායක

විපක්ෂය විසින් පෙන්වා දෙන ලද අඩුපාඩු , රජය විසින් නිවැරදි කර ගත යුතුයි. ඒ හැර වෛර කතා ප්‍රකාශ කිරීම රාජ්‍ය නායකයෙකුට සුදුසු නොවන බවත්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ කතාව වැරදි පූර්වාදර්ශයක් බවත් සමඟි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අම්පාරෙහි දී චෝදනා කර ඇත.

‘ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය, රටේ ප්‍රජතන්ත්‍රවාදයට පමණක් ඇති තර්ජනයක් නොවේ. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට ද ඇති තර්ජනයක්’ යැයි ඔහු පැවසීය.

විපක්ෂ නායක කාර්යාලයේ 11 වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

කෙසේ හෝ ශ්‍රී ලංකා සිවිල් පරිපාලනයට අභියෝගයක් එල්ල වී ඇත. සිවිල් පරිපාලනය නවතා දමා, හමුදා පරිපාලනයට රජය උත්සාහ දරයි යනුවෙන් චෝදනා කර ඇති ඔහු, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මෙම ප්‍රකාශය, සමඟි ජන බලවේගය දැඩි ලෙස හෙළා දකින බවද පැවසීය.

රාජ්‍ය නායකයෙකු , අන් අයගේ අදහස්වලට ඉවසිලිවන්තව ඇහුම්කන් දෙනවා මිස, කෝප නොවිය යුතුය, කෝප නොවී ක්‍රියා කළ යුතුයි. මෙවැනි වැරදි පූර්වාදර්ශයක් නිර්මාණය නොකළ යුතුය, යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *