2021 වසරේ ස්වයං රැකියා 200,000ක්

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගාවට ඉඩම් නිදහස් කරන්න බැසිල්ගෙන් උපදෙස්

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සහ ගෙවතු වගාවට ඉඩම් නිදහස් කරන්න බැසිල්ගෙන් උපදෙස්

එළඹෙන 2021 වසරේදී ස්වයං රැකියා අවස්ථා 200,000ක් නිර්මාණය කිරීමට රජය තීරණය කර තිබේ. කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් පසුබෑමට ලක්ව තිබෙන ග්‍රාමීය ආර්ථිකය යථා තත්ත්වයට පත් කරමින් ජනතාවගේ ජීවනෝපාය සවිමත් කිරීම මෙහි අරමුණයි.

ග්‍රාමීය නිපැයුම් සඳහා නව වෙළෙඳසල් 25,000ක්ද අරැඹීමට නියමිතව තිබෙන අතර සමෘද්ධිලාභීන් ජීවනෝපාය වෙත යොමුකිරීමේ මෙම වැඩපිළිවෙළේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන් සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන් වෙත පැවරීමට ද ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබේ.

සමෘද්ධි කළමනාකරුවන් සමඟ අරලියගහ මන්දිරයේ දී පසුගියදා (28) පැවැති සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණ.

-runews

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *