(video) ‘සිංහළේ’ හදන්න ගයිඩ්ලයින් දුන්නේ ගෝඨාභය’ – මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

'සිංහළේ' හදන්න ගයිඩ්ලයින් දුන්නේ ගෝඨාභය' - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

'සිංහළේ' හදන්න ගයිඩ්ලයින් දුන්නේ ගෝඨාභය' - මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි

උන්වහන්සේ එබව පවසා සිටියේ A5 News Sri Lanka සමාජ මාධ්‍ය ජාලයේ HARD FOCUS වැඩසටහනට එක්වෙමිනි.

පළමුවරට සිදුකරන අනාවරණයක් බව පවසමින් උන්වහන්සේ එහිදී පැවසුයේ,’සිංහළේ’සංවිධානය ගොඩනැඟූ අවස්ථාවේදී ගෝඨාභය පන්සලට පැමිණ පැය ගණන් සාකච්ජා පවත්වමින් පොඩි පොඩි ගයිඩ් ලයින් දුන් බවයි.

”මම මේ දැන් තමයි මේක ප්‍රසිද්ධියේ කියන්නේ. පැය එකහමාරක් එතුමා අපිට ඒ ට්‍රික්ස් කියලා දුන්නා.”යයි උන්වහන්සේ පැවසුහ.

”දැන් ජනාධිපතිවරයා අපිත් එක්ක අමනාපයි කියලා ඉතාම පැහැදිළියි” යයි පැවසු උන්වහන්සේ,”එතුමා ජනාධිපති වෙන්න කලින් පන්සලට යන්න එන්න පුළුවන් නම්, පැය ගණන් සාකච්ඡා කරන්න පුළුවන් නම් සිංහළේ සංවිධානය හදපු වෙලාවේ පොඩි පොඩි ගයිඩ් ලයින් දෙන්න පුළුවන් නම්”, දැන් මෙසේ අමනාප වීම ගැටලුකාරී බවද කියා සිටිති.

ජනාධිපති වටකරගෙන සිටින අන්තවාදීන් !

ජනාධිපතිවරයා වටා එක පිරිසක් වටවී සිටින බව පෙන්වාදෙන මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්,”ඔය රමණයේ යෙදෙන්නේ ඔය අන්තවාදී කොටස් එක්ක”යයි සඳහන් කරයි.

”ඒවා අපිට කියන්න අහන්න කෙනෙක් නැත්නම් අපිට යහපාලනයෙයි මේකෙයි වෙනසක් පේන්නේ නැහැ.”යයි උන්වහන්සේ එම මාධ්‍ය සාකච්ජාවේදී පැවසුහ.

”ඒ පැත්තේ ඉන්නවා උපාසක අම්ම කෙනෙක්. ජනාධිපතිවරණයේදී රුවන්වැලිසෑයේ දිවුරුම් දීල, සතියකට සැරයක් අටමස්ථාන වන්දනා කරනවා. ඒ වන්දනාකිරීම ඇතුලේ තව රහසකුත් තියෙනවා.”යයි අවඥාවෙන් යුතුව පවසා සිටී උන්වහන්සේ,”මේ පාපය නිවැරදි නොකළොත් මම හිතනවා මියපරලොව ගිහිල්ලත් මේ සාපය පස්සෙන් එනවා ඒක අවිවාදයි.” යයි අවධාරණය කර සිටියහ.

“රාජපක්ෂවරු කරපු පවට සමාජ මාධ්‍යවලින් බැට කන්න වෙලා තියෙන්නේ අපිට.”උන්වහන්සේ දැඩි කනස්සල්ලෙන් යුතුව වැඩිදුරටත් පැවසුහ.

– leader.lk

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *