උතුරු නැගෙනහිර රජයේ කටයුතු කිරීමේදී දෙමළ භාෂාවට ප්‍රමුඛතාවය හිමිවිය යුතු – ඩග්ලස් දේවානන්දා

උතුරු නැගෙනහිර රජයේ කටයුතු කිරීමේදී දෙමළ භාෂාවට ප්‍රමුඛතාවය හිමිවිය යුතු - ඩග්ලස් දේවානන්දා

උතුරු නැගෙනහිර රජයේ කටයුතු කිරීමේදී දෙමළ භාෂාවට ප්‍රමුඛතාවය හිමිවිය යුතු - ඩග්ලස් දේවානන්දා

දමිළ ජනතාව බහුතරයක් ජීවත් වන උතුරු නැගෙනහිර පළාත්වල රජයේ ව්‍යාපෘති සිදු කිරීමේදී දෙමළ භාෂාවට ප්‍රමුඛතාවය හිමිවිය යුතු බව අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසනවා. කිලිනොච්චි දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබෙනවා.

දමිළ ජනතාව ජීවත් වන ප්‍රදේශවල සිදුකරන සංවර්ධන ව්‍යාපෘතිවලදී සිංහල භාෂාව භාවිතා කිරීම ගැටලුවක් බවත්, මෙම ගැටලුව වහාම විසඳිය යුතු බවත් ඇමතිවරයා අවධාරණය කරනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මෙම රැස්වීමේදී අමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ දෙමළ භාෂාවට ප්‍රමුඛතාවය ලබාදීම වෙනුවෙන් තමන් මධ්‍යම රජයේ අවධානය යොමු කරන බවයි.

ඒ අනුව ඉදිරියේදී උතුරු නැගෙනහිර පළාත්වල දමිළ ජනතාව බහුතරයක් ජීවත් වන ප්‍රදේශවල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘතිවලදී දෙමළ භාෂාවට ප්‍රමුඛතවාය ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි දේවානන්දා මහතා පවසන්නේ.

මීට පෙර පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපල විවෘත කිරීමේදී එහි නාමපුවරුවේ දෙමළ භාෂාවට ප්‍රමුඛතාවය ලබාදීම සම්බන්ධයෙන් දකුණේ ජාතිවාදී කොටස්වලින් දැඩි විරෝධයක් එල්ල විය. ඊට අමතරව විමල් වීරවංශ ඇමතිවරයා විවෘත කළ නාමපුවරුවක් සම්බන්ධයෙන්ද මෙවැනි කතාබහක් ඇති වූ අතර වීරවංශ ඇමතිවරයා එම නාමපුවරුව වෙනස් කිරීමට වහාම පියවර ගත්තේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *