කොරෝනා මෘතදේහ ආදාහනයක් නවතියි .. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරයේ රදවයි..

0
කොරෝනා මෘතදේහ ආදාහනයක් නවතියි .. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරයේ රදවයි..

කොරෝනා මෘතදේහ ආදාහනයක් නවතියි .. භූමදාන තීන්දුව එන තුරු කන්ටේනර් ශීතාගාරයේ රදවයි..

කොරෝනා වෛරසය ආසානය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහන සෞඛ්‍ය අමාත්‍යාංශය අවසන් තීරණයක් ලැබෙන තුරු නවතා තිබේ.

කොරෝනා ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයාගේ මළ සිරුරු ආදාහනය නොකර ලෙස ඉල්ලා ඔහුගේ පුතා විසින් ගොනුකළ පැමිණිල්ල විභාගයට ගැනීමෙන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනිමින් ශීතාගාරයක තබන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මත්මිය ඊයේ (21) නියෝග කර තිබේ.

ගාල්ල දෙද්දුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙක් කොරෝනා ආසාදනය වීමෙන් පසුව ඇති වූ හෘදයාබාධයකින් මියගොස් තිබේ. මෙම තැනැත්තාගේ දේහය නිරෝධායන නීති යටතේ රජයේ නියමයන්ට අනුව ආදාහනය කරන ලෙස ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන හදිසි මරණ පරික්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා නියෝග කර තිබේ.

හදිසි මරණ පරීක්ෂකවරයා තීන්දුවට එරෙහිව කොරෝනා මරණ භූමදාන කිරීමේ හැකියාව පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු අධ්‍යයනය කරමින් සිටින බැවින් ඒ පිළිබඳ අවසන් තීන්දුව ලැබෙන තුරු සිරුර ආදාහනය කිරීම වැළැක්වීමේ නියෝගයක් දෙන ලෙස එහිදී මරණකරුගේ ඥාතීහු අධිකරණයෙන් ඉල්ලා තිබේ. මේ වනවිට කොරෝනා මරණ භූමදානය කිරීමේ හැකියාව පිළිබඳව සෞඛ්‍ය අමාතංශ විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බවත් රෝහල් සඳහා ශීතාගාර පහසුකම් ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණ අමාත්‍යවරයාට යවන ලද ලිපියක් ද පැමිණිලි පාර්ශවය විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

එම කරුණු සැළකිල්ලට ගත් අතිරේක මහේස්ත්‍රාත්වරිය මළ සිරුරු භූමදානය කිරීමට හැකියාවක් පවතින්නේ ද යන්න පිළිබඳ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අවසන් තීරණයක් ලැබෙන තුරු මෙම තැනැත්තාගේ මළ සිරුර ශීතාගාරයක් තුළ තැන්පත් කර තබන ලෙස නියෝග කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com