කුරුවිට යුධ හමුදා කඳවුරක බුදුපිළිම අළු කරයි… හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

කුරුවිට යුධ හමුදා කඳවුර

කුරුවිට යුධ හමුදා කඳවුර

යුධ හමුදාවේ කුරුවිට කඳවුර තුළ තිබූ බුදුපිළිම එම කඳුවුරේ අනදෙන නිලධාරීයාගේ නියෝග මත ගිණිතබා විනාශකර ඇත. කුරුවිට ගැමුණු හේවා බලකා කඳවුරු භූමයේ සහ එම කඳවුරු සංකීර්ණයේ නිලධාරීන්ගේ මෙන්ම සොල්දාදුවන්ගේ නිවස්න තුළ තිබූ බුදු පිළිම පවා මෙසේ විනාශ කර ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ එම කඳවුරේ බෞද්ධ කටයුතු පිළිබඳ අනුශාසක මිල්ලවිටියේ විජේසාර හිමි පවසන්නේ මේ සම්බන්ධයෙන් වාහම පරීක්ෂණයනක් පවත්වන ලෙසයි. බුදු පිළිම ගිණිතැබීම යම් සිහිමද පුද්ගලයෙකු වෙිසින් සිදු කරණ ලද්දක් බවය හුවාදැක්වීමට අදාල නිලධාරියා කටයුතු කරමින් සිටින බවද උන්වහන්සේ හෙළිකර තිබුණි.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා
හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ මහතා

 

මේ අතර, මෙම පුවත සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකතුමා නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව මෙම බුද්ධ අනුරුව 2014 වසරේ වෙසක් සහ පොසොන් කලාප වල ප්‍රදර්ශනය කිරීම සඳහා බටපතුරු සහ කඩදාසි පල්ප වලින් තනන ලද අනුරුවක් බවත් වසර ගණනාවක් ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ප්‍රයෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වී ඇත.

කුරුවිට ගැමුණු හේවා මූලස්ථාන බලඇණි කඳවුරේ ගොඩනැගිල්ලක තිබූ මෙම බුද්ධ අනුරුව තවදුරටත් විනාශ වෙමින් පවතින නිසා කුරුවිට කාහේන්ගම ශ්‍රී බෝධි මාලකාරාම විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගරුතර දොඹවල සිරි විජේඥාණ නායක ස්වාමින් වහන්සේගේ අනුශාසනා ලබාගෙන නිසි ආගමික වත්පිළිවෙත් සිදුකර අනුරුව ඉවත් කිරීමට කටුයුතු කළ බව නිවේදනයේ සඳහන් වේ.

කුරුවිට යුධ හමුදා කඳවුරක බුදුපිළිම අළු කරයි… හමුදා මාධ්‍ය ප්‍රකාශකගෙන් නිවේදනයක්

-Lankatruth | dinamina

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *