“රුවන්වැලිසෑයට බීලා ගියේ මම නෙමෙයි: මට මඩ ගහනවා… ” – ලොහාන් රත්වත්ත

ලොහාන් රත්වත්ත

ලොහාන් රත්වත්ත

ඇතැම් වෙබ් අඩවිවල සහ සමාජ මාධ්‍ය ජාලාවල රුවන්වැලිසෑයට අදාළ පුවතට තමා සම්බන්ධ කර තමන්ට මඩ ප්‍රහාර එල්ල කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව රාජය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා අවධාරණය කරයි.

තමන් මේ වනවිට බන්ධනාගාර බාර අමාත්‍යවරයා ලෙස විශාල වැඩකොටසක් ආරම්භ කොට ඇති බවත්, ඒ නිමිත්තෙන් පිරිසක් තමන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කොට ඇති බවත් ඒ මහතා කීය.

කෙසේවෙතත් අද මුද්‍රිත මාධ්‍ය වාර්තා කොට ඇත්තේ ඊයේ දින අළුයම් කාලයේ රාජ්‍ය අමාත්‍යවරයකු බීමතින් පැමිණ රුවන්වැලිසෑය වැදීමට අවශ්‍ය බව කියමින් එහි ආරක්ෂාවට සිටි නිලධාරීන් සමග ගැටුමක් ඇතිකරගෙන ඇති බවකි.

-මව්රට

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *