තිස්ස යළි මහින්ද හමුවෙයි: කාටවත් ‘නොකියූ කතා’ කියයි

තිස්ස යළි මහින්ද හමුවෙයි: කාටවත් ‘නොකියූ කතා’ කියයි

සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා (02) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පියවර ගෙන ඇත.

එහිදී අත්තනායක මහතා විසින් රචිත ‘නොකියූ කතා’ (UNTOLD STORY) ග්‍රන්ථය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වා තිබේ.

යහපාලන ආණ්ඩු සමයේ සිරගතව සිටි දින 55 ක කාලය තුළදී ලියන ලද තිස්ස අත්තනායක මහතාගේ නොකියූ කතා ග්‍රන්ථයේ එක් පරිච්ඡේදයක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පිළිබඳව ද සඳහන්ය.

සිරගතව සිටි කාලයේදී තෙවරක්ම තිස්ස අත්තනායක මහතා බැලීමට සිරගෙදරට පැමිණි අතීතය සිහිපත් කළ අග්‍රාමාත්‍යතුමා, තමන්ට ග්‍රන්ථය පිළිගැන්වීම පිළිබඳව සතුට පළකරමින් සුහඳ කතාබහකට ද එක්විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *