සුවවී මාස තුනකට පසුවද පෙනහළුවලට හානි පමුණුවන කොරෝනා වෛරසය- පරීක්ෂණවලින් හෙළිවෙයි

පෙනහළුවලට හානි පමුණුවන කොරෝනා වෛරසය

පෙනහළුවලට හානි පමුණුවන කොරෝනා වෛරසය

කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සුවවී මාස තුනකට වඩා වැඩි කාලයකට පසුවද ඔවුන්ගේ පෙනහළු වලට හානි සිදුවිය හැකි බව සොයාගෙන ඇත.

එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය කණ්ඩායමක් විසින් කරන ලද අධ්‍යයනයකට අනුව මෙය හදුනාගෙන ඇත.

කොරෝනා වෛරසය ආසාදනය වූ 10 දෙනෙකු අතරේ මෙම පරීක්ෂණය සිදු කර ඇත. නව ස්කෑන් තාක්ෂණය භාවිතයන් මෙම සුවවූ ආසාදිතයන්ගේ පෙනහළු පරීක්ෂා කිරීමෙ දී, සාමාන්‍ය ස්කෑන් මගින් සොයා ගත නොහැකි පරිදි ඔවුන්ගේ පෙනහළු හානි වී තිබීම සොයාගෙන ඇත.

කොරෝනා ආසාදිතයින්ගේ පෙනහළු වලට සිදුවු හානිය සොයා ගැනීම සඳහා සිදුකළ එම්.ආර්. අයි. ස්කෑන් පරීක්ෂණය සඳහා xenon (සෙනොන්) නම් වායුව භාවිතා කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *