ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

මෙරට ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කාන්තා නිලධාරිනියන් දෙදෙනෙකු ගුවන් නියමුවරියන් ලෙසට ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේදී කොමිෂන් නිලයට පත් කර ඇත.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහන් කළේ නියමු නිලධාරිනියන් වන ඒ.ඩී.පී.එල්. ගුණරත්න(පවිත්‍රා ගුණරත්න) සහ ආර්.ටි. වීරවර්ධන(රංගනා වීරවර්ධන) මෙලෙස ගුවන් හමුදා ඉතිහාසයේ ප්‍රථම කාන්තා ගුවන් නියමුවරියන් ලෙස අද දිනයේදී කොමිෂන් නිලයට පත් වු බවයි.

ත්‍රීකුණාමලය චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේදී ඊයේ (16)පැවති උත්සවයකදී මෙම නව පත් කිරීම සිදුකර තිබේ.

චීන වරාය ගුවන් හමුදා ඇකඩමියේ පැවති 61 වන නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩයේ නිලධාරීන්ගේ විසිරි යාමේ පෙළපාළිය අද පැවැත්වුණි. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම විසිර යාමේ උත්සවය පැවැත්වුණි.

එහිදී කැඩෙට් නිලධාරින් 53 දෙනෙකු අද දිනයේදී කොමිෂන් නිලයට පත් කරනු ලැබුවා. නව ගුවන් නියමුවරියන් දෙදෙනා සැහැල්ලු ගුවන් යානා නියමුවරියන් ලෙස ගුවන් හමුදාවට එක් වනු අැත.

ඊට අමතරව, ප්‍රථම වරට කැඩෙට් නිලධාරිනියක් සෑම අතින් ම දක්ෂත ම කැඩෙට් නිලධාරිනියට හිමි රන් අසිපතින් පිදුම් ලැබීම (Sword of Honor) සහ ප්‍රථම වරට ජනාධිපති වර්ණධජ සමන්විත විසිර යාමේ පෙළපාලියක් සඳහා කාන්තා නිලධාරීවරියක් අණ දීම ද මෙම විසිර යාමේ උත්සවයේ දී සිදුවිය.

ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්
ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්
ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්
ශ්‍රී ලංකාවේ ගුවන් හමුදා ඉතිහාසය අලුත් කළ ගුවන් නියමුවරියන්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *