100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

කිතුල්ගල රෝහලට ජවිපෙන් වාට්ටුවක්…

කිතුල්ගල රෝහලට ජවිපෙන් වාට්ටුවක්…

කිතුල්ගල රෝහලට ජවිපෙන් වාට්ටුවක්…

කිතුල්ගල රෝහලේ දැඩි අවශ්‍යතාවයක්ව පැවති ශල්‍ය වාට්ටුව පිළිසකර කර දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර තිබේ.

මේ වනවිට රටේ කොවිඩ් – 19 රෝහල් පිරී ඉතිරී යන තත්වයක් හටගෙන ඇති බැවින් මෙවන් අවස්ථාවක ජනතා විමුක්ති පෙරමුණ ලබාදුන් මෙම වාට්ටුවද දැනට කොවිඩ් – 19 ආසාදිත රෝගීන් ඇතුළත් කිරීම සඳහා වෙන් කර ඇත.

ඇමරිකාවේ පදිංචි සුමේධ ඩී. සිල්වා මහාතාගේ මුල්‍ය දායකත්වයෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ, කෑගල්ල දිස්ත්‍රික් රතු තරුව ස්වෙච්ඡා සංවිධානයේ ශ්‍රම දායකත්වයෙන් මෙම වාට්ටුව ප්‍රතිසංස්කරණය කරන ලදී.

මෙම වාට්ටුව (28) දින ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, රුවන්වැල්ල ආසන ජනතා විමුක්ති පෙරමුණේ සංවිධායක ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝසල නුවන් ජයවීර මහතා සහ දැරණියගල ආසන සංවිධායක ගුනතිලක ජයකොඩි මහතාගේ සහභාගිත්වයෙන් ජනතා අයිතියට පත්කරන ලදී.

මෙම රෝහල ඉදිරියේදී කොවිඩ් – 19 වෛරසය ආසාදිතයන් සඳහාම වෙනුවූ රෝහලක් ලෙස නම් කිරීමටද නියමිත ය.

කිතුල්ගල රෝහලට ජවිපෙන් වාට්ටුවක්…
කිතුල්ගල රෝහලට ජවිපෙන් වාට්ටුවක්…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *