ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ වායු ගුණ මැණිමේ මධ්‍යස්ථාන වල දත්තයන්ට අනුව මේ දින වල ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ලෙස ඉහළ යාමක් නිරීක්ෂණය වන බව වාර්තා කර ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශ හැර කොළඹ, මහනුවර, පුත්තලම, වව්නියාව, යාපනය ඇතුළු අනෙකුත් ප්‍රදේශ වල වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම ඔක්තෝම්බර් 27 වන දින සිට අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පෙන්වා දෙයි. මෙම තත්ත්වය පිළිබඳව නිරන්තර අවධානයෙන් සිටිමින් ඒ පිළිබද දැනුවත් කිරීම් කිරීමට බලාපොරොත්තු වන බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

වායු ගෝලයේ අංශූමය ද්‍රව්‍ය මට්ටම අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති ආකාරය.

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්
ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්

මෙහිදී වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය ප්‍රමාණය සාමාන්‍යයෙන් පසුගිය දිනවල පැවති ප්‍රමාණය මෙන් දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර ඇමෙරිකානු තත්ව වායු තත්ව දර්ශකයට අනූව (U.S. Air Quality Index) ඉතා කුඩා අංශුමය ද්‍රව්‍ය වන PM 2.5 වලට සාපේක්ෂව තත්ව දර්ශකය 100 – 150 අතර අගයක් දක්වා ඉහලගොස් ඇති අතර එම ප්‍රමාණය සංවේදී පුද්ගලයින් කෙරෙහි යම් බලපෑමක් ඇති කිරීමට හැකි තත්වයක් වේ.

කොරෝනා වෛරසය පැතීරීමේ අවදානම් තත්වයත් සමග මේ දිනවල රථ වාහන ගමනාගමනය අඩු මට්ට්මක පවතින හෙයින් නාගරික ප්‍රදේශ වල වායු දූෂණ මට්ටමේ යම් අඩුවීමක් පෙන්නුම් කර තිබියදී මෙසේ එකවරම ශ්‍රී ලංකාව තුල වායු ගෝලයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අස්වාභාවික ලෙස ඉහල යෑමට හේතුසාධක වන්නේ මේ දිනවල දිවයින අවට පවතින සුළං ප්‍රවාහ රටාවේ සිදුවී ඇති වෙනස් වීම යි. එබැවින් ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වීම මගින් සිදුවන බලපෑමක් බව එයාර් විෂුවල් (Air Visual) වෙබ් අඩවියේ ඇති ලෝක වායු ගුණ ව්‍යාප්ති දත්තයන්ට අනුව පෙන්නුම් කරයි.

ඉන්දියානු අර්ධද්වීපයේ ඉහළ අහසේ ඇති වැඩි වායු දූෂක සුළං ප්‍රවාහ මෙරට වායුගෝලයට ඇතුල්වන ආකාරය

ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්
ශ්‍රී ලංකාවේ වායු දූෂණ මට්ටමේ අසාමාන්‍ය ඉහළ යාමක්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *