උසස් පෙළ විභාගශාලා පරීක්ෂකවරියට සහ ඇයගේ සැමියාටත් කොරෝනා – සිසුන්ට PCR පරීක්ෂණ

A/L විභාග නීති කැඩුවොත් දැනුම් දෙන්න - විභාග කොමසාරිස් ජනරාල්

A/L විභාග නීති කැඩුවොත් දැනුම් දෙන්න - විභාග කොමසාරිස් ජනරාල්

උසස් පෙළ විභාගය පැවති ගම්පහ නගරයේ පාසලක විභාගශාලා පරීක්ෂකවරියක් සහ ඇයගේ සැමියා කොවිඩ් 19 ආසාදිතයින් බවට පී.සී.ආර්. පරීක්ෂාවේදී තහවුරුවී ඇතැයි ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සදහන් කරනවා.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේ පදිංචි දෙදරු මවක වන එම ගුරුවරියට සහ ඇගේ සැමියාට ඇතිවූ රෝග ලක්ෂණ මත පී.සී.ආර් පරීක්ෂාවට ලක් කිරීමේදී කොවිඩ් 19 ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් ඔවුන්ට රෝගය වැළඳීම සම්බන්ධයෙන් සොයා බැලීමේදී මාළු ගෙන ඒම පිණිස පෑලියගොඩ මත්ස්‍යය වෙළඳසලට ගොස් ඇති බව අනාවරණය වූ බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා පැවසුවා.

මේ අතර මෙම පරීක්ෂකවරිය කටයුතු කළ විභාග ශාලාවෙහි විභාගයට පෙනී සිටි සිසුන් 40 දෙනෙකුගේ තොරතුරු ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත ලබාදීමට පියවර ගත් බව ගම්පහ කලාපය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස් .කේ .මල්ලවආරච්චි මහතා සදහන් කළා.

එම යුවල ප්‍රතිකාර පිණිස රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර එම විභාගශාලා පරීක්ෂකවරිය කටයුතු කළ විභාග ශාලාවෙහි විභාගයට පෙනී සිටි සිසුන් මෙම 31 වෙනි දින PCR පරීක්ෂණයට ලක් කිරීමට නියමිතයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *