“චීන දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධතා නොපැවත්වුයේ ඇයි?”- මංගල ප්‍රශ්න කරයි

"චීන දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධතා නොපැවත්වුයේ ඇයි?"- මංගල ප්‍රශ්න කරයි

"චීන දූත පිරිස ලංකාවට පැමිණි අවස්ථාවේ විරෝධතා නොපැවත්වුයේ ඇයි?"- මංගල ප්‍රශ්න කරයි

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්ගේ ශ්‍රී ලංකා සංචාරයට විරෝධය පළ කර ඇති JVPය විසින් චීන දූත පිරිස ශ්‍රී ලංකාවට පැමිණ සිටි අවස්ථාවේදී විරෝධය පළ නොකළේ මන්දැයි හිටපු විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා විමසා ඇත.

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ (27) දින සවස ශ්‍රී ලංකාවට පැමිණියේය. මෙවැනි තත්වයක ඊයේ පස්වරුවේ JVP ය විසින් කොල්ලුපිටියේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීය.

ශ්‍රී ලංකාවට පැමිණෙන ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා ඇමරිකාවේ අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සමග ගිවිසුම් අත්සන් කිරීමට නියමිත බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා චෝදනා කර තිබුණි.

මීට සති කිහිපයකට පෙර චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන සාමාජිකයෙකු වන යෙං ජිචී ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මෙවැනි උද්ගෝෂණයක් සිදු නොකළේ මන්දැයි මංගල සමරවීර ප්‍රශ්න කර සිටියේය.

මෙලෙසම චීන දූත පිරිසගේ සංචාරයටද එරෙහිව JVP විරෝධය දැක්වූයේ නම්, ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය කෙරෙහි JVP ය දක්වන සැලකිල්ලට ගරු කළ හැකි බව මංගල සමරවීර පවසා සිටියේය.

මේ අතර ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවීමට ශ්‍රි ලංකාවේ රැඳී සිටී.

ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසු ට්විටර් පණිවුඩයක් මගින් පවසා සිටියේ තම සංචාරය ශ්‍රී ලංකා ජනතාව සහ රජය සමග ඉදිරි ක්‍රියාමාර්ග දිරිමත් කිරීම අරමුණු කරගත් බවයි.

– තමිළ්වින්

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *