රාජිත-රන්ජන් ඇතුළු පාර්ශ්ව 8කට දේශපාලන පළිගැනීම් කොමිසමට එන්නැයි නියෝග

0
දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනපති කොමිසමේ සාක්ෂි විමසීම අවසන්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ඇතුළු තවත් පාර්ශ්ව 8කට හෙට (23) දේශපාලන පළිගැනීම් පිළිබද විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා එම කොමිසම ඊයේ (21) නොතීසි නිකුත් කළේය.

එසේ නොතීසි නිකුත් කෙරුනේ යහපාලන රජය සමයේ දේශපාලනික පළිගැනීමට ලක් වී දැනට වැඩ තහනම්ව සිටින යුද හමුදා කපිතාන් තිස්ස විමලසේන මහතා කොමිසමට කළ පැමිණිල්ලකට අදාළවයි.

පැමිණිලිකාර තිස්ස විමලසේන මහතා විසින් කොමිසම හමුවේ දැක්වූ කරුණු සලකා බලා හිටපු ඇමැති රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු යුද හමුදාපති ක්‍රිෂාන්ත ද සිල්වා, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර, පොලිස් පරීක්ෂක ශාන්ත ලලිත්, සැරයන් රත්නප්‍රිය, උප පොලිස් පරීක්ෂක ප්‍රේමතිලක හා “සුදු වෑන්” නමැති ග්‍රන්ථයේ කර්තෘ ශ්‍රී ලාල් ප්‍රියන්ත යන අයට හෙට දින ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දන්වා නොතීසි නිකුත් කරන්නැයි කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා නියෝග කළේ ය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com