සිංහලයින් අතර අපිව ජාතිවාදීන් ලෙස පෙන්නනවා – චානක්‍යන් චෝදනා කරයි

යාපනයේ ඉඩම් විදේශ සමාගම්වලට විකිණීමේ උත්සාහයක් - රාසමානික්කම් චානක්‍යන්

යාපනයේ ඉඩම් විදේශ සමාගම්වලට විකිණීමේ උත්සාහයක් - රාසමානික්කම් චානක්‍යන්

මයිලත්තමඩු සහ මාදවනෛ යන පෙදෙස්වල ඇති තණ බිම් සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සමග අප කළ හමුවීම ගැන ආණ්ඩුකාරවරිය කර ඇති ප්‍රකාශයන් සිංහල ජනයා අතරේ අපව ජාතිවාදීන් ලෙස ගෙන දක්වන අයුරින් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාජමාණික්කම් චානක්‍යන් මහතා චෝදනා කර ඇත.

පාර්ලිමේන්තුවේදී විශේෂ වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් ඔහු මේ බව පවසා සිටියේය.

මයිලත්තමඩු සහ මාදවනෛ යන පෙදෙස්වල ඇති තණ බිම් සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය නිකුත් කිරීමට නියමිත ගැසට් පත්‍රය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය අනුරාදා යහම්පත් 14 වන දින හමුුවුනෙමු. මෙම හමුවීම සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරිය මාධ්‍යවලට නිකුත් කර ඇති වාර්තාවේ, පාර්ලිමේන්තු මන්ත්‍රී චානක්‍යන් ජාතිය අනුව තණ බිම් බෙදා දෙන ලෙස ඉල්ලූ බවත් ජාතිය අනුව ඉඩම් බෙදා දීම අපේ රාජකාරිය නොවන බවත් ඇය පවසා ඇත. මෙම පුවත මාධ්‍යයන් කිහිපයක පල වී ඇති අතර එය මාගේ වරප්‍රසාදය උල්ලංඝණය කිරීමක් බවත් ආණ්ඩුකාරවරියට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවත් පවසා සිටියේය.

මඩකලපුව සෙංකලඩි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් මයිලත්තමඩු සහ මාදවනෛ යන පෙදෙස්වල මහවැලි බී කොටසෙහි ඉඩම් කිහිපයත් පවතී. මෙම තණ බිම්වල ලක්ෂ 2 ක් පමණ ගවයන් තණ උලා කයි. දෛනිකව කිරි ලීටර 170000 නිෂ්පාදනය කරනු ලබයි. මෙම ගැටලුව පිළිබඳව ග්‍රාම නිලධාරී, ප්‍රාදේශිය ලේකම්, දිසාපති යන අය හමුවුනෙමු. මේ පිළිබඳව කතා කළ බැවින් දිසාපතිතුමාවද මාරුකර යවා ඇත. මහවැලි ව්‍යාපෘතියභාර අධ්‍යක්ෂතුමාවද හමුවුනෙමු. අමාත්‍ය චමල් රාජපක්ෂ හටද මෙම ගැටලුව ඉදිරිපත් කර ඇත්තෙමු.

අක්කර 20 දහසක ඉඩම ගැසට්පත්‍රයක් මගින් අක්කර පහක් බැගින් ගවයන් උලා කෑමට බෙදා දීමට නියමිත බව ආණ්ඩුකාරවරිය ප්‍රකාශ කර ඇත. මෙලෙස බෙදා දෙන ඉඩම්වල මායිම් උලාකන හරකුන්ට දන්නවද? කියා ප්‍රශ්න කල චානක්‍යන් මන්ත්‍රීවරයා තම වරප්‍රසාද පිළිබද අසත්‍ය කතා පවසන බවත් තමන් පාර්ලිමේන්තුව තුළ සිංහලෙන් කතා කර තමන් ජාතිවාදියෙකු බව පැහැදිලි කර ඇති බවත් පවසා සිටියේය. තවද දෙමළ මන්ත්‍රීවරුන් පිළිබඳව වැරදි තොරතුරු සිංහල ජනයා අතරේ යා හැකි බවත් සඳහන් කළේය.

– වීරකේසරි

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *