අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති නවරාත්‍රී උත්සවය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති නවරාත්‍රී උත්සවය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති නවරාත්‍රී උත්සවය

අධ්‍යාත්මික ගුණ දහමින් පොහොසත්වීමට නම් සෑම පුරවැසියෙකුම නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 20 දින පැවසීය.

අග්‍රාමාත්‍ය කාර්යාලයේ අනුග්‍රහයෙන් අරලියහ මන්දිරයේ පැවැති නවරාත්‍රී උත්සව අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.

කොවිඩ් – 19 වසංගත තත්ත්වය පැතිරීම පාලනය කිරීමට රජයක් ලෙස ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යතුමා නවරාත්‍රී දිනයේදී කොවිඩ් උවඳුර තුරන් වී සැමට යහපත උදාවේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරන බව කියා සිටියේය.

නවරාත්‍රී පූජාවේ යෙදීමට ජනතාව දිරිමත් කිරීම සඳහා කොවිඩ්-19 තර්ජනය හමුවේ වුව ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙවර නවරාත්‍රී උත්සවය සංවිධානය කර තිබිණි. ශ්‍රී ලංකා – ඉන්දියා ප්‍රජා කවුන්සිලය පිරිනමණ පාසල් දරුවන් 6 දෙනෙකු සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය අග්‍රාමාත්‍යතුමා අතින් මෙහිදී සිදු විය.

අග්‍රාමාත්‍යතුමා නවරාත්‍රී උත්සවයට එක්වූ පිරිස අමතා මෙසේද කීවේය.

‘සෞභාග්‍යයේ දැක්ම’ සමඟ රට ගොඩනගන ගමන අප සැම එක්ව ආරම්භ කර තිබෙනවා. නීතිගරුක හා සදාචාරාත්මක සමාජයක් ගොඩනැගිය යුත්තේ අප සියලු දෙනා එක්වෙමින්. සමාජයේ වෙසෙන සෑම පුරවැසියකුම අධ්‍යාත්මික ගුණදහමින් පොහොසත් වීමට නම්, ඔවුන් නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතුයි. මේ රටේ ජනතාවට තම ආගම ඇදහීමේ අයිතිය දැන් සහතික කර තිබෙනවා.
අපගේ මව්බිම වන ශ‍්‍රී ලංකාව ඇතුළු ලෝකයේ හින්දු භක්තිකයන් ජීවත් වන සෑම ස්ථානයකම නවරාත‍්‍රී උපවාසය හා නමස්කාරය ආරම්භ වී තිබේ. සියලුම හින්දු භක්තිකයන් මවක ලෙස ගරු කරන ‘ශක්ති දෙවියන්’ නමස්කාර කිරීම චාරිත්‍රානුකූලව දින නවයක් පුරාවට මෙම ආගමික වතාවත් සිදුවෙයි.
නවරාත‍්‍රිය, සැමරුමක් ලෙස පෙනුනද එය සිදුකරනු ලබන්නේ උපවාසයක් ලෙසයි. මෙහි මුල් දින තුන දුර්ගා මාතාව හෙවත් කාලි මෑණියන් වෙනුවෙන් පූජා පවත්වමින් බලය වෙනුවෙන් අයැදීම සිදුවෙයි. මීළග දින තුන සැපත හා සම්පත උදාකර ගැනීම උදෙසා ලක්ෂ්මී දෙවියන් වෙනුවෙන් වෙන් වන අතර අවසාන දින තුන වෙන් වන්නේ අධ්‍යාපනය වෙනුවෙනි. ඒ අනුව අවසන් දින තුන පුරාවට සරස්වතී දෙවියන් සිහිකර පුද පූජා පැවැත්වීම සිදුවෙනවා.
නව රාත‍්‍රීන්ට පසුව පැමිණෙන දසවන දිනය ඉතාමත් සුවිශේෂයී. ‘‘විජයදසමි’’ ලෙසින් හඳුන්වනු ලබන එම දිනය හින්දු බැතිමතුන් සළකන්නේ ඉතාමත් සුබ දිනයක් ලෙසයි. කුඩා දරුවන්ට අකුරු කියවීමට, අලුත් වැඩ කටයුත්තක් ආරම්භ කිරීමට, අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට මෙන්ම කලා කටයුතු සහ අධ්‍යාපන කටයුතුවල නිරත වීම ආදී ජීවිතයේ අතිශය වැදගත් කටයුතු සඳහා එදින සුබ දිනයක් ලෙස සළකනවා

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *