(Video) පෝලන්තයේ වසර 75 කට පසු පුපුරා ගිය බෝම්බය

පෝලන්තයෙන් ලෝක යුද්ධ සමයේ භාවිතා කල මෙතෙක් හමුවූ විශාලතම බෝම්බ දෙක වසර 75 කට පසු එරට නාවික කිමිදුම්කරුවන් නිෂ්ක්‍රීය කිරීමට උත්සාහ කිරීමත් සමග ඊයේ පුපුරා ගියේය.

මෙම බෝම්බ දෙකේ බර කිලෝග්‍රෑම් 5,400 කට ආසන්න වන අතර එහි අඩංගු පුපුරණ ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 2,400 කි.
බ්‍රිතාන්‍යයේ රාජකීය ගුවන් හමුදාව (RAF) විසින් භාවිතා කරන ලද ටෝල්බෝයි වර්ගයේ මෙම බෝම්බ දෙක නිශ්ක්‍රීය කිරිමට පෙර බලධාරීන් විසින් පෝලන්තයේ ස්වින්නූජ්සි නගරයෙන් පිටත පියස්ට් ඇළ අසල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 750 කට වැඩි පිරිසක් ඉවත් කරනු ලැබිය.