ෆේස්බුක් එකට “අසභ්‍ය” වූ ලූනු දැන්වීම

"අසභ්‍ය" ලූනු

"අසභ්‍ය" ලූනු

ළූණු, සාමාන්‍ය ළූණු සහ ෆේස්බුක්වලට වඩාත් ආකර්ෂණීය ළූණු ලෙස ළූණු වර්ග දෙකක් ඇති බව කැනේඩියානු බීජ හා උද්‍යාන වෙළඳසැල් හිමියෙක් සොයාගෙන ඇත.

තම ගබඩාවේ “වල්ල වල්ලා” නම් ළූණු වර්ගයක් සඳහා බීජ පිළිබඳව ෆේස්බුක් හි දැන්වීම් පළ කිරීමට උත්සාහ කරන අවස්ථාවේදී එම දැන්වීම “අසභ්‍ය” බවක් ඇතිබව පවසා ෆේස්බුක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ඉහළ බර හා මිහිරි රසය සඳහා ප්‍රසිද්ධ වල්ල වල්ලා ළූණු, පෙති කපන ලද සහ නොකැපූ වශයෙන් ඡායාරූපයක් දැන්වීමෙහි පල කර ඇත. ළූනු වල “වටකුරු හැඩය” ෆේස්බුක් හි ස්වයංක්‍රීය තාක්‍ෂණය මගින් පියයුරු හෝ තට්ටම් ලෙස සලකා ප්‍රතික්ෂේප කර ඇත.

මෙලෙස දැන්වීම ප්‍රතික්ෂේප කිරීම තම ගනුදෙනුකරුවන්ට විනෝදයක් වනු ඇතැයි සිතූ වෙළඳසැල් හිමියා, “භාණ්ඩයක් හෝ සේවාවක් ලිංගිකව ප්‍රචාරය නොකරන්න” ලෙස ෆේස්බුක් හි ස්වයංක්‍රීය තාක්‍ෂණය මගින් කළ අනතුරු ඇඟවීම, වෙළඳසැලේ තම ෆේස්බුක් පිටුවේ පළ කළේය.

මෙම අවස්ථාවේ දී, “අපගේ සකසනයෙහි නිරුවත වැළැක්වීම සඳහා අපි ස්වයංක්‍රීය තාක්‍ෂණය භාවිතා කරමු. නමුත් සමහර විට එය වල්ල වල්ල ළූණු වැනි දේ පවා හඳුනා නොගනී” යනුවෙන් ෆේස්බුක් හි කැනඩාවේ සන්නිවේදන අංශ ප්‍රධානී මැක්ලේන් පවසයි. තවද ෆේස්බුක් සිය ස්වයංක්‍රීය තාක්ෂණය විසින් සිදුකරන ලද වැරැද්දට සමාව ද අයැද තිබේ.

මෙම සිදුවීමෙන් පසු පසුගිය වසර පහ තුළ විකුණා ඇති ප්‍රමාණයට වඩා පසුගිය දින තුනක් තුළ වල්ල වල්ල ළූණු විකිණී ඇති බවත් ෆේස්බුක් හි මෙම සිදුවීමෙන් පසුව තම වෙබ් අඩවියේ මෙම වර්ගයේ ළූණු “ආකර්ෂණීය ළූණු “ලැයිස්තුව යටතේ වර්ගීකරණය කර ඇති බවත් කැනේඩියානු බීජ හා උද්‍යාන වෙළඳසැල් කළමනාකරු ජැක්සන් මැක්ලීන් පවසයි.

-BBC News

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *