(Video) ගෘහස්ථ සතුන් දඩයම් කරන දිවියන්ට බියෙන් සිටින මිනිසුන්…

ගෘහස්ථ සතුන් දඩයම් කරන දිවියන්ට බියෙන් සිටින මිනිසුන්

ගෘහස්ථ සතුන් දඩයම් කරන දිවියන්ට බියෙන් සිටින මිනිසුන්

කඳුකර වැසියන්ගේ ගෘහස්ථ සතුන්, දිවියන්ගේ දඩයමට හසුවන සිද්ධීන් අධික වී ඇත.මෑත දිනක නුවරඑළිය ප්‍රදේශයේ ගම්මානයකදී මෙම සිදුවීම් සිදු වෙමින් පවතී.

නුවරඑළිය ක්‍රිස්ලස් ෆාම් ගම්මානයේ දිවියන් පැමිණෙන දර්ශන, එහි තිබූ cctv කැමරාවෙහි පටිගත වී ඇත. කිසිඳු බාධාවකින් තොරව පැමිණි දිවියා, නිවස ඉදිරිපිට නිදාගෙන සිටි සුනඛයෙකුව ඩැහැගෙන යන දර්ශන, එහි පටිගත වී ඇත.

ක්‍රිස්ලස් ෆාම් ප්‍රදේශයේ පවුල් 200ක් පමණ ජීවත් වන අතර, මෙවැනි සිදුවීම් නිසා එහි ඇති ජනතාව බියට පත්ව සිටී.

මින් පෙර ද විවිධ අවස්ථාවලදී ගම්මානයට ඇතුළු වූ දිවියන් තමන් ඇති කළ කුකුළන්, පූසන්, සුනඛයින් ඩැහැගෙන ගිය බවත් මිනිසෙකුට ද ප්‍රහාර එල්ල කළ බවත් ප්‍රදේශවාසීන් පැවසීය.

තම ප්‍රදේශයේ සැරිසරන දිවියන් සිංහමල වනාන්තරයේ ඇති දිවියන් බව ප්‍රදේශවාසීන් පැවසූහ. එමෙන්ම, ක්‍රිස්ලස් ෆාම් ප්‍රදේශයේ සිට කිලෝමීටර් 10ක් පමණ දුරින් ඇති ගම්මානයක උගුලක සිරවී දිවියෙකු මිය ගිය සිද්ධිය මීට වසරකට පෙර වාර්තා විය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *