(Video) ගව ඝාතන තහනම ලොකු බිසිනස් එකක් – දීප්ති කුමාර ගුණරත්න

deepthi kumara gunarathne -දීප්ති කුමාර ගුණරත්න
ගව ඝාතනය තහනම සම්බන්ධයෙන් අදහස් දැක්වූ දීප්ති කුමාර ගුණරත්න මහනා පැවසුවේ “සංස්කෘතියත් පාරිභෝගික භාණ්ඩ” බවට පත්ව ඇත යනුවෙන් ය.
තව දුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ
“ගව ඝාතනය කියන පව දැන් ප්‍රාග්ධනය එකතු කරන්න ආර්ථික ක්‍රියාවලියට ඇතුල්වෙලා. 2004දී ලෝක ආහාර වැඩසටහනට අනුව ලංකාවේ මනුෂ්‍යයෙක් හරක් මස් කිලෝ ග්‍රෑම් 7.5ක් කනවා. 2020ට අනුව අපි කිලෝ ග්‍රෑම් 9ක් කනවා කියලා ගත්තොත්, ඒක ගනන් හදලා බැලුවොත් කිලෝ ග්‍රෑම් එකක් ආනයනය කිරීමෙන් ලැබෙන ලාභය රුපියල් 24යි. ඒ අනුව මිලියන 4452ක් ලාභයි. ඒ කියන්නේ කෝටි 470ක්. කෙනෙකුට ඕනනම් ආයෝජනය කරලා කෝටි 470ක් ලාභ ලබන්න පුළුවන්. ඒවගේම ඔබ විශ්වාස කරන සංස්කෘතික ආකල්පයක් අනිවාර්යයෙන්ම දේශපාලඥයෙකුට පුළුවන් ලාභ ලැබීම සඳහා විකුණන්න.” යනුවෙන් ය.
මේ සම්බන්ද සම්පුර්ණ විඩියෝව පහතින් නරඹන්න.